ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 28 ඉක්මවද්දී අනාගත අවදානමක් ගැන හෙළිදරව්වක්

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 28 ඉක්මවද්දී අනාගත අවදානමක් ගැන හෙළිදරව්වක්

අඟහරුවාදා ඕස්ට්‍රේලියාවේ ජනගහනය නිල වශයෙන් මිලියන 28 සීමාව ඉක්මවා ගියා.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Australian Bureau of Statistics) population clock එක අඟහරුවාදා උදෑසන සුවිශේෂී අගයක් සටහන් කළා. ඇස්තමේන්තුගත උපත්, මරණ සහ ශුද්ධ සංක්‍රමණ පිළිබඳ තත්‍ය කාලීන ගණනය කිරීම් මත මෙම ඔරලෝසුව ක්‍රියාත්මක වන අතර සමස්ත ජනගහනය සෑම මිනිත්තුවයි තත්පර 15 කට වරක් එක් පුද්ගලයෙකුගේ වැඩිවීමක් වාර්තා කරනවා.

මේ ජනගහනයේ වැඩි වීමට වැඩිපුර දායකත්වයක් ලබා දෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවයි.

ABS head of demography, Phil Browning ට අනුව, එම state එක 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා 2.2% ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. අඩුම වර්ධන වේගය ටැස්මේනියාවෙන් වාර්තා වන අතර එහි ජනගහන වර්ධනය සටහන් වන්නේ 0.3%ක් ලෙසයි.

Centre for Population පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද එහි population statement එකේ, WA හි වේගවත් වර්ධනය සහ ටැස්මේනියාවේ මන්දගාමී වර්ධනය නිවැරදිව පුරෝකථනය කර තිබුණා.

එහි නවතම ප්‍රකාශයේ දී, අධිකාරිය 2025-2026 කාලය සඳහා ජාතික වර්ධන වේගය 1.3% ක් දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කළා.

ශුද්ධ විදේශ සංක්‍රමණ වල අපේක්ෂිත පහත වැටීමත් සමඟ මේ උපත් අනුපාත පහත වැටීම පිළිඹිබු වුණා. ජාතික සශ්‍රීකත්ව අනුපාතය (national fertility rate) කාන්තාවකට ළමුන් 1.42 ක් ලෙස වාර්තාගත අවම අගයකට ළඟා වනු ඇතැයි මධ්‍යස්ථානය පුරෝකථනය කළ අතර එය ස්වාභාවික වර්ධනය පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ට වඩා බෙහෙවින් අඩු අගයක්.

2022-2023 පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ උච්චතම අවස්ථාවකින් පසු, ශුද්ධ විදේශ සංක්‍රමණය 2025-2026 දී එහි පූර්ව වසංගත රටාවන්ට නැවත පැමිණියා.

තාවකාලික පැමිණීම්, විශේෂයෙන් ශිෂ්‍ය සහ සංචාරක වීසා මත පැමිණීම් පහත වැටීම ඒ සඳහා බොහෝ දුරට හේතු වූ බව මධ්‍යස්ථානය පැවසුවා.

2025-2026 කාලය සඳහා, population authority එක 260,000 ක ශුද්ධ විදේශ සංක්‍රමණයක් පුරෝකථනය කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

864
June 2, 2026