Cards & Digital wallets අතහැර ඕස්ට්‍රේලියානුවන් නැවතත් Cash භාවිතයට යොමු වෙන්න හේතුව?

  • Home
  • /
  • Lifestyle
  • /
  • Cards & Digital wallets අතහැර ඕස්ට්‍රේලියානුවන් නැවතත් Cash භාවිතයට යොමු වෙන්න හේතුව?

තාක්ෂණයේ දියුණුවත් එක්ක මුළු ලෝකයම මුදල් රහිත සමාජයක් හෙවත් Cashless Society එකක් කරා වේගයෙන් ගමන් කරමින් සිටිනවා. හැබැයි, මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානුවන් මේ රැල්ලට පිටුපාමින්, නැවතත් තමන්ගේ පසුම්බියට නෝට්ටු සහ කාසි එකතු කරගන්න පටන් අරන් තියෙනවා කියලයි.

ඩිජිටල් ගෙවීම් මෙතරම් ජනප්‍රිය කාලෙක, මිනිස්සු ආයෙත් cash පාවිච්චි කරන්න පටන් ගත්තේ ඇයි? හේතුව තමයි දැනට ඕස්ට්‍රේලියාව පුරා පවතින දැඩි ජීවන වියදම් පීඩනය.

 

මුදල් පාලනය කරගන්න තියෙන හොඳම Budgeting tool එක

Global Payments ආයතනයේ ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කළමනාකරු Colin Baines පවසන ආකාරයට, ආර්ථික වශයෙන් දුෂ්කර කාලවලදී මුදල් පාලනය කරගන්න තියෙන හොඳම Budgeting tool එක තමයි cash පාවිච්චි කරන එක.

“කාඩ් එකකින් ගෙවද්දී අපිට සල්ලි ඉවර වෙනවා තේරෙන්නේ නැහැ, දිගටම tap කර කර වියදම් කරන්න පුළුවන්. හැබැයි සතියකට අවශ්‍ය ගණන විතරක් ATM එකෙන් අතට ගත්තම, පසුම්බිය දෙස බලලා තමන්ට තව කොච්චර සල්ලි ඉතිරි වෙලා තියෙනවද කියලා පහසුවෙන්ම බලාගන්න පුළුවන්. ඒ සල්ලි ටික ඉවර වුණාම වියදම් කිරීමත් ඉබේම නතර වෙනවා.” 

 

Cash වැඩිපුරම පාවිච්චි කරන්නේ කවුද?

නවතම Global Payments Report එකට අනුව, වයස් කාණ්ඩ අනුව මුදල් භාවිතය වෙනස් වන්නේ මෙන්න මේ විදිහටයි:

වයස 55 සහ ඊට වැඩි පිරිසෙන් 20%ක්ම තවමත් කඩ සාප්පුවලින් බඩු ගනිද්දී ප්‍රධානම ගෙවීම් ක්‍රමය විදිහට cash පාවිච්චි කරනවා.

වයස 35 – 44 වයස් කාණ්ඩයේ පිරිසෙන් 13%ක් cash භාවිතයට හුරු වී සිටිනවා.

වයස 18 – 34 අතර තරුණ පිරිස් අතර cash භාවිතය 6% ත් 8% ත් අතර අඩු මට්ටමක පැවතුණත්, තවමත් සැලකිය යුතු පිරිසක් මුදල් නෝට්ටු භාවිත කරනවා.

මෙම වාර්තාවට අනුව, මුදල් රහිත සමාජයක් කරා යාමට කෙතරම් උත්සාහ කළත්, එළඹෙන 2030 වසර වන විටත් ඕස්ට්‍රේලියාවේ සමස්ත ගනුදෙනු වලින් 9%ක්ම cash මඟින් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

ජීවන වියදම ඉහළ යාමට මැදපෙරදිග අර්බුදයත් බලපායි

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) දත්තවලට අනුව, උද්ධමනය යම් ප්‍රමාණයකින් පහළ බැස තිබුණත්, රටේ ආර්ථිකයේ මිල පීඩනය තවමත් තදින්ම පවතිනවා. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

මීට අමතරව, රජය විසින් ලබා දී තිබූ Fuel excise එක අවසන් වීමත් සමඟ ඉදිරියේදී තෙල් මිල සහ ජීවන වියදම තවත් ඉහළ යා හැකි බැවින්, ජනතාව වඩාත් සකසුරුවම් ලෙස මුදල් භාවිත කිරීමට පෙළඹී තිබෙනවා.

 

ක්‍රෙඩිට් කාඩ් සහ Digital Wallets තවමත් පෙරමුණේ

Cash භාවිතය ඉහළ ගියත්, ඕස්ට්‍රේලියානු ආර්ථිකය සවිමත් වන්නේ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද හරහායි. දැනට sales transactions වලින් 64%ක්ම සිදුවන්නේ කාඩ්පත් මඟින්.

ජංගම දුරකථන සහ ස්මාර්ට් ඔරලෝසු හරහා සිදුකරන Digital wallets භාවිතය 2030 වන විට 50% දක්වා ඉහළ යනු ඇතැයි පැවසෙනවා.

එමෙන්ම, බඩු ගෙන පසුව මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් වන Buy Now Pay Later (BNPL) භාවිතයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මුළු ආසියා ශාන්තිකර කලාපයේම පෙරමුණ ගෙන සිටිනවා..

මේ තත්ත්වය අනුව, ඉදිරියේදී සාර්ථක විය හැක්කේ පාරිභෝගිකයාට කැමති ක්‍රමයකින් එනම් Cards, Digital wallets හෝ Cash වලින් මුදල් ගෙවීමට අවශ්‍ය නම්‍යශීලීභාවය සහ පහසුකම් සලසා දෙන ව්‍යාපාරවලට පමණක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

Don't forget to share this post!

Recent Posts

886
June 12, 2026