ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය දේවල් වගේම පටන් ගත්ත Business එක ආරක්ෂා කරගන්න අවශ්‍ය දේවල් ගොඩක් අපි දැනටමත් කතා කරලා තියෙනවා.
අද අපි බලමු ඔයාගේ Business එකේ brand එක සහ reputation එක ආරක්ෂා කරගන්න ගොඩක් වැදගත් දෙයක් වෙන පාරිභෝගිකයන්ගේ පැමිණිලි හසුරවන විදිහ ගැන.
Handle Customer Complaints
ඕනෑම බිස්නස් එකක Customers ලා පැමිණිලි කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට Business owners ලා පැමිණිල්ලක් ආවම කලබල වෙනවා, නැත්නම් ඒක මඟහරින්න බලනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
ඇත්තටම customer කෙනෙක් පැමිණිල්ලක් කරන්නේ ඔයාට වැරැද්ද හදාගන්නයි. මොකද ඔයාගේ business එකත් එක්ක දිගටම රැඳෙන්න ඔවුන් බලාපොරොත්තු වෙන නිසා. ඒ නිසා ලැබෙන පැමිණිල්ලක් බුද්ධිමත්ව සහ නිවැරදිව කළමනාකරණය කරගැනීම ඉතාම වැදගත්.
පැමිණිලිවලට හොඳින් ඇහුම්කන් දීමේ වාසි
customer කෙනෙක්ගේ පැමිණිල්ලකට නිසි විදියට පිළිතුරු දීමෙන් ඔයාගේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රධානම වාසි කිහිපයක් තියෙනවා.
ව්‍යාපාරයේ කීර්ති නාමය (Reputation) ආරක්ෂා වීම: එක අතෘප්තිමත් පාරිභෝගිකයෙක් නිසා ව්‍යාපාරයේ නම කැත වෙන්න තියෙන ඉඩකඩ මේකෙන් නැති වෙනවා.
විශ්වාසය ගොඩනැඟීම (Builds trust): ප්‍රශ්නයක් වුණ වෙලාවක ඒක සාර්ථකව විසඳලා දුන්නම, customerට ඔයා කෙරෙහි තියෙන විශ්වාසය වෙනදාටත් වඩා වැඩි වෙනවා.
පාරිභෝගික නීතිවලට අනුකූල වීම: පාරිභෝගික අයිතීන් සුරකින නීති රීතිවලට ගරු කරමින් ව්‍යාපාරය පවත්වාගෙන යන්න මේක උදව් වෙනවා.
ලොකු හානියක් වෙන්න කලින් වැරැද්ද නිවැරදි කරගැනීම: එක පාරිභෝගිකයෙක් කියන අඩුපාඩුව ඉක්මනින් හැදුවොත්, ඒ ප්‍රශ්නය අනෙක් පාරිභෝගිකයන්ට බලපෑමක් වෙන එක වළක්වා ගන්න පුළුවන්.
මතක තබා ගන්න, පැමිණිල්ලක් කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ සේවාව හෝ නිෂ්පාදනය තවත් ගුණාත්මක කරගන්න නොමිලේ ලැබුණු උපදෙසක් එහෙමත් නැත්නම් Feedback එකක් විදියට දකින්න පුරුදු වෙන්න.
Customer complaints Handle කරන ප්‍රධාන පියවර 4;
1.පැමිණිලි විසඳීමේ ක්‍රියාවලියක් සකස් කරලා document කරලා තියාගන්න
පැමිණිල්ලක් ආවම ක්‍රියා කරන්න ඕනේ කොහොමද, ඒකට විසඳුම් දෙන්නේ කවුද සහ කොපමණ වෙලාවකින්ද කියන එක පැහැදිලිව සැලසුම් කරලා Document එකක් විදියට තබා ගන්න.
2.සේවක මණ්ඩලය පුහුණු කරන්න:
ඔයාගේ business එකේ වැඩ කරන සේවකයන්ට, තරහ නොගෙන customer කෙනෙක් එක්ක සුහදව කතා කරන්නේ කොහොමද සහ ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියලා නිසි පුහුණුවක් ලබා දෙන්න.
3.Customer කෙනෙක්ට පහසුවෙන් complaint එකක් කරන්න පුළුවන් ක්‍රමයක් සකස් කරන්න.
customer කෙනෙක්ට ප්‍රශ්නයක් වුණාම ඒක කියන්න ඕනේ කාටද, කොහොමද කියන එක වෙබ් අඩවියේ හෝ ආයතනයේ පැහැදිලිව ප්‍රදර්ශනය කරන්න
4.Online Reviews ගැන සැලකිලිමත් වන්න:
Google, Facebook හෝ වෙනත් සමාජ මාධ්‍ය හරහා කවුරුහරි නරක Review එකක් දාලා තිබුණොත්, ඒකට ප්‍රසිද්ධියේම ඉතාමත් ශිෂ්ට සම්පන්නව සහ කාරුණිකව පිළිතුරු දීලා ප්‍රශ්නය විසඳන්න පියවර ගන්න.
ඉතින්, ඊළඟ වතාවේ customer කෙනෙක් බනිද්දී කලබල වෙන්න එපා. හිනාවෙලා “ස්තූතියි” කියලා ප්‍රශ්නය අහන්න. ඒක ඔයාගේ business එක Long run එකේදී සාර්ථක කරවන්න ලොකුම හේතුවක් වේවි!
අපි මේ වෙනකන් හැම article එකකින්ම ඔයාගේ brand එක සහ reputation එක ආරක්ෂා කරගැනීමට අදාළ checklist එක වෙන්නේ;
- ඔබේ IP assets හඳුනා ගන්න
- ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි IP rights සඳහා අයදුම් කරන්න (අවශ්‍ය විට)
- ඔබේ IP rights උල්ලංඝනය වනවා දැයි අවධානයෙන් සිටින්න
- කාලය අනුව ඔබේ IP rights අලුත් කරන්න
- ඔයාගේ customers ලා, competitors ලා, products සහ services ගැන market research එකක් කරන්න
- ඔයාගේ marketing plan එක develop කරන්න හෝ update කරන්න ඔයාගේ research එකේ results භාවිතා කරන්න
- Market research කිරීම ඔයාගේ business planning වල ongoing part එකක් බවට පත් කරගන්න.
- පැමිණිලි විසඳීමේ ක්‍රියාවලියක් සකස් කරලා document කරලා තියාගන්න
- සේවක මණ්ඩලය පුහුණු කරන්න
- Customer කෙනෙක්ට පහසුවෙන් complaint එකක් කරන්න පුළුවන් ක්‍රමයක් සකස් කරන්න.