අද හවස 4ට ඕස්ට්‍රේලියානුවන්ගේ Phone වලට එන අමුතු Alert එක – අවදානයෙන් ඉන්න!

  • Home
  • /
  • News
  • /
  • අද හවස 4ට ඕස්ට්‍රේලියානුවන්ගේ Phone වලට එන අමුතු Alert එක – අවදානයෙන් ඉන්න!

Sydney වල නිරිතදිග ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට අද (බදාදා) සවස් වරුවේ තමන්ගේ ජංගම දුරකථන හරහා තරමක් වෙනස් අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ කියන්නේ, අද හවස ඔබේ phone එක එකපාරටම මහා හයියෙන් Siren වැනි ශබ්දයකින් නාද වෙන්න පටන් ගත්තොත් කලබල වෙන්න එපා!

ඕස්ට්‍රේලියානු federal රජය විසින් අලුතින්ම හඳුන්වා දීමට යන හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය (Emergency warning system) අත්හදා බැලීමක් අද දින සිදු කිරීමට නියමිතයි.

 

මොකක්ද මේ සිද්ධිය?

අද සවස 4:00 ට Liverpool ප්‍රදේශයේ සිටින ජනතාවගේ ජංගම දුරකථන තත්පර 10 ක කාලයක් පුරා Vibrate වෙමින්, Siren එකක් වැනි ශබ්දයක් නිකුත් කරනවා. මෙය “AusAlert” නමින් හඳුන්වන නවතම තාක්ෂණික පද්ධතියේ සිදුකරන පරීක්ෂණයක්. ස්වභාවික ආපදා හෝ වෙනත් හදිසි ආරක්ෂක තත්ත්වයකදී අදාළ ප්‍රදේශවල සිටින ජනතාවට ක්ෂණිකව සහ ඉතා නිවැරදිව තොරතුරු ලබා දීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

විශේෂයෙන්ම Moorebank හි කර්මාන්ත සහ වාණිජ කලාපය කේන්ද්‍ර කරගනිමින් මෙම පරීක්ෂණය සිදු කෙරෙනවා. Emergency Management අමාත්‍ය Kristy McBain ප්‍රකාශ කළේ මේ පිළිබඳව ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බවයි.

“අපි ජනතාවගෙන් කිසිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාතික මට්ටමින් මේක ක්‍රියාත්මක කරන්න කලින්, විවිධ ස්ථානවලදී මේ පද්ධතිය වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න විතරයි අපිට ඕනේ.”

 

සාමාන්‍ය SMS වලට වඩා මේක වෙනස් වෙන්නේ කොහොමද?

අපි සාමාන්‍යයෙන් phone එක Silent කරලා හෝ ‘Do not disturb’ දාලා තිබ්බොත් message ආවට සද්දයක් ඇහෙන්නේ නැහැනේ. හැබැයි මේ අලුත් ක්‍රමය ඊට වඩා ගොඩක් වෙනස්.

 

මෙම පද්ධතිය පියවර 2කින් සමන්විතයි:

Priority Alerts: අද (බදාදා) සිදු කරන්නේ මේ පරීක්ෂණයයි. ඔබේ phone එක silent හෝ Do not disturb දමා ඇත්නම් මෙහිදී සද්දය ඇහෙන්නේ නැහැ.

Critical Alerts: ඊළඟ මහා පරිමාණ පරීක්ෂණය ජූලි 27 වැනිදා දවල් 2:00 ට මුළු රට පුරාම සිදු කිරීමට නියමිතයි. එදිනට ඔබේ දුරකථනය silent කර තිබුණත්, ඒ සියලු Settings බිඳ හෙළමින් දුරකථනය මහා හයියෙන් නාද වේවි!

මෙවැනි ‘Critical Alert’ එකක් නිකුත් කරන්නේ ක්ෂණික ලැව්ගිනි, ගංවතුර, මහජන සෞඛ්‍ය ගැටලු හෝ දැඩි ආරක්ෂක තර්ජනයක් වැනි ක්ෂණිකව ජීවිතාරක්ෂක තීරණ ගත යුතු අතිශය භයානක අවස්ථාවලදී පමණයි.

 

ඉදිරි සැලසුම්

Geelong, Launceston සහ Tennant Creek ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සහ දුරස්ථ ප්‍රදේශ කිහිපයකම දැනටමත් මෙවැනි පරීක්ෂණ පවත්වා තිබෙනවා.

සියල්ල සැලසුම් පරිදි සිදු වුවහොත්, එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම “AusAlert” ආරක්ෂක පද්ධතිය මුළු ඕස්ට්‍රේලියාව පුරාම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. එබැවින් අද සවස සිඩ්නි නිරිතදිග ප්‍රදේශයේදී මෙවැනි සද්දයක් ඇසුණහොත්, එය ඔබව ආරක්ෂා කිරීමට යන අනාගත පද්ධතියක පරීක්ෂණයක් මිස අනතුරක් නොවන බව මතක තබා ගන්න!

 

Image credit: www.ausalert.gov.au

Don't forget to share this post!

Recent Posts

897
June 17, 2026