ඕස්ට්‍රේලියාව තුළ නිෂ්පාදන ක්ෂේත්‍රය හෙවත් Manufacturing sector එක කියන්නේ මෙරට ආර්ථිකයේ ප්‍රධානම මුල්ගලක්. තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ ක්ෂේත්‍රයට අවශ්‍ය නවීන කුසලතාවලින් පිරි ශ්‍රමිකයන් බිහි කිරීම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් තමයි Manufacturing Industry Skills Alliance (MISA) කියන්නේ.
MISA කියන්නේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන්වූ නිල Jobs and Skills Council එකයි.
මොකක්ද මේ MISA ආයතනයේ ප්‍රධාන ඉලක්කය?
නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැනට පවතින ශ්‍රම හිඟය සහ අනාගතයේදී මුහුණ දීමට සිදුවන වෘත්තීයමය අභියෝග හඳුනාගෙන, ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි දක්ෂ ශ්‍රමිකයන් පිරිසක් නිර්මාණය කිරීම මොවුන්ගේ ප්‍රධානතම අරමුණයි.
විශේෂයෙන්ම, නව්‍යකරණයෙන් පිරි අනාගතයක් උදෙසා “Made right here in Australia” හෙවත් සැබෑ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන යන සංකල්පය ශක්තිමත් කිරීමට අවශ්‍ය දක්ෂ සේවකයන් කර්මාන්ත ශාලාවලට ලබා දීමට MISA ආයතනය නිරන්තරයෙන් කටයුතු කරනවා.
ඕස්ට්‍රේලියාවේ අනාගතය වෙනස් කරන ප්‍රධාන ක්ෂේත්‍ර 3ක්
ලෝකය වේගයෙන් වෙනස් වන විට, ඕස්ට්‍රේලියාවට ලැබෙන අලුත් අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට MISA ආයතනය කර්මාන්තකරුවන්ට මඟ පෙන්වනවා. ඒ අතරින් ප්‍රධානතම අංශ කිහිපයක් වන්නේ;
- Clean Energy Transition: පරිසර හිතකාමී සහ හරිත බලශක්ති නිෂ්පාදන අංශ ප්‍රවර්ධනය කිරීම.
- Strengthening National Defence: රටේ ආරක්ෂක අංශවලට අවශ්‍ය දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම.
- AI & Robotics: නවීන තාක්ෂණය නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ කරමින් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
නව ආධුනිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ අවස්ථාවක්!
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ නිෂ්පාදන ක්ෂේත්‍රය කියන්නේ සාමාන්‍ය කම්කරු රැකියා පමණක් කියායි. නමුත් MISA ආයතනය මේ මතය වෙනස් කිරීමට දැඩි වෙහෙසක් ගන්නවා.
නිෂ්පාදන ක්ෂේත්‍රය හරහා පුද්ගලයෙකුට කෙතරම් සාර්ථක, ඉහළ වැටුප් සහිත සහ සුරක්ෂිත වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගත හැකිද යන්න පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ඔවුන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම, ක්ෂේත්‍රයට අලුතින් එකතු වන ආධුනිකයන් සඳහා ක්‍රමවත් පුහුණු සැලසුම් සහ නව අවස්ථා උදාකර දීමටද MISA ආයතනය පෙරමුණ ගෙන සිටිනවා.
MISA ආයතනය කරන්නේ ඕස්ට්‍රේලියාවේ දේශීය නිෂ්පාදකයන් සහ දක්ෂ ශ්‍රමිකයන් එකට යා කරමින්, රටේ අනාගත ආර්ථිකය වඩාත් ස්ථාවර මාවතකට රැගෙන යාමයි.
ඉතින් ඔයත් නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට් යන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම් ඔයාටත් පුළුවන් Manufacturing Industry Skills Alliance හරහා අවශ්‍ය මගපෙන්වීම ලබාගන්න. මේ ක්ෂේත්‍රයේ තිබෙන සුවිශේෂී රැකියා අවස්ථා ගැන අපි ඉදිරියේදී කතා කරමු.
https://manufacturingalliance.org.au/