අපි කලින් articles වලින් කතා කළා බීමත්ව රිය පැදවීම තරම්ම මාරාන්තික Driver fatigue එක ගැන. අද පි කියන්න හදන්නේ ඒ වගේම වැදගත් තවත් දෙයක් ගැන. ඒ තමයි Distracted Driving.
වාහනයක් පදවනවා කියන්නේ ලොකු වගකීමක්. මොකද ඔයාගේ ආරක්ෂාව වගේම පාරේ යන එන බොහෝ දෙනෙක්ගේ ආරක්ෂාව ඒ මත තීරණය වෙන නිසා. හැබැයි අපිට නිතර දකින්න ලැබෙන පොදු දෙයක් තමයි රියදුරන්ගේ අවධානය වෙනත් දේවලට යොමු වෙලා තියෙන එක. මේකට කියන්නේ Distracted Driving, එහෙමත් නැත්නම් ධාවනයේදී අවධානය ගිලිහීම කියලා. ඕස්ට්‍රේලියානු රජයේ මාර්ග ආරක්ෂණ පර්යේෂණවලට අනුව, එරට සිදුවන බරපතල මාර්ග අනතුරුවලින් 16% කටම හේතුව මේ අවධානය ගිලිහීමයි.
මොකක්ද මේ “අවධානය ගිලිහීම” (Distracted Driving) කියන්නේ?
සරලවම කිව්වොත්, ඔයා වාහනයේ සුක්කානම (Steering wheel) අතේ තියාගෙන ඉන්න වෙලාවක, ඔයාගේ අවධානය පාරෙන් ඉවතට යන ඕනෑම අවස්ථාවක් මේ ගණයට වැටෙනවා.
පර්යේෂකයන් පෙන්වා දෙන විදිහට මේ අවධානය ගිලිහීම ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුළුවන්:
Visual: ඔයාගේ ඇස් පාරෙන් ඉවතට ගැනීම උදාහරණයක් විදිහට phone එක දෙස බැලීම වගේ දේවල්.
Manual: ඔයාගේ දෑත් සුක්කානමෙන් ඉවතට ගැනීම උදාහරණයක් විදිහට කෑමක් කෑමට හෝ වතුර බෝතලයක් ඇරීමට යාම වගේ.
Cognitive: රිය පැදවීමේ අවධානය බිඳ දමන බාහිර ශබ්ද හෝ වෙනත් සිතුවිලි. උදාහරණයක් විදිහට වෙනත් ප්‍රශ්නයක් ගැන කල්පනා කරමින් යාම වගේ.
රියදුරන්ගේ අවධානය හොරකම් කරන ප්‍රධාන සතුරන් 5 දෙනා
වාහනයක් පදවද්දී අපිට නොදැනීම අපේ අවධානය වෙනතකට යොමු කරවන පොදු දේවල් කිහිපයක් මෙන්න:
- Mobile phones සහ devices: message බැලීම, කෝල් ගැනීම හෝ Maps එක පාවිච්චි කිරීම.
- වාහනයේ සිටින අනෙක් මගීන්: ඔවුන් සමඟ කරන බරපතල කතාබහ හෝ වාද විවාද.
- සංගීතය: අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ රේඩියෝ චැනල් මාරු කිරීමට යාම.
- කෑම බීම: රිය පදවන අතරතුර ආහාර ගැනීම හෝ බීම වර්ග පානය කිරීම.
- වාහනයෙන් පිටත දේවල්: පාර අයිනේ ඇති දැන්වීම් පුවරු, වෙනත් අනතුරු හෝ දර්ශන දෙස බලාගෙන යාම.
මෙන්න මේ දේවල් නිසා තත්පර කිහිපයකට ඔබේ අවධානය නැති වුවහොත්, එය ඔබගේ වගේම පාරේ යන අනෙක් අහිංසක මිනිසුන්ගේ ජීවිතද දැඩි අනතුරක හෙලන්න පුළුවන්.
අන්න ඒ නිසයි, මේ වැරදි වළක්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය විසින් දැඩි නීති සහ දඩ මුදල් පනවා තිබෙන්නේ.
මේ ගැන වැඩිදුර විස්තර අපි ඉදිරියේදී කතා කරමු.