ත්‍රාසයට කැමති ඔයාට travel කරන්න සුපිරි රටක් – දවසේ වියදම $45යි

  • Home
  • /
  • Blog
  • /
  • ත්‍රාසයට කැමති ඔයාට travel කරන්න සුපිරි රටක් – දවසේ වියදම $45යි

කාට හරි “El Salvador” කිව්වොත් මුලින්ම මතක් වෙන්නේ මොකක්ද? අර මිනීමරු දරුණු Gangs, වීදි සටන්, දවස ගානේ සිද්ධ වෙන අපරාධ නේද? 

ඇත්ත, කාලෙකට කලින් මේ රට ලෝකයේ තිබුණු භයානකම “No-Go Zone” එකක්. ඒ කියන්නේ යන්න හිතන්නවත් බැරි මරණයේ දේශයක්.

 

හැබැයි, දැන් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්!

2022 සහ 2023 අවුරුදුවල මේ රටේ සිද්ධ වුණු සුපිරි මෙහෙයුමක් නිසා මුළු රටේම ආරක්ෂාව වුණා. එරට රජය විසින් පාතාල කල්ලිවලට එරෙහිව ගත්ත ඉතාමත් දැඩි, ඒ වගේම ආන්දෝලනාත්මක තීරණ නිසා අද වෙනකොට El Salvador වල අපරාධ අනුපාතය 20 ගුණයකින් විතර පහළ බැහැලා තියෙනවා. හිතාගන්න පුළුවන්ද? අද වෙනකොට මේ රටේ ආරක්ෂාව ඇමරිකාව වගේ දියුණු රටක ආරක්ෂාවටත් වඩා වැඩියි!

 

ලෝකයම දකින්න කලින් යන්න හොඳම රටක්

මේ හදිසි වෙනස් වීම නිසාම, ලෝකය පුරාම ඉන්න Backpackersලා සහ budget එකට travel කරන සංචාරකයෝ දැන් El Salvador වලට රොක් වෙන්න පටන් අරන්. ඉතින් ඔයාටත් පුළුවන් නිදහසේ මේ රටේ ලස්සන අත්විඳින්න.

El Salvador කියන්නේ ප්‍රමාණයෙන් පුංචි රටක් වුණාට, මෙහේ ගොඩක් සිත් ඇදගන්නාසුළු දේවල් තියෙනවා.

Surfing වලට කැමති අයට ලෝකයේ තියෙන හොඳම Surfer beaches මෙහෙ තියෙනවා. ඒ වගේම ඔයා Adventures වලට කැමති කෙනෙක්නම් El Salvador වලදී ඔයාට සක්‍රීය ගිනිකඳු දැකගන්න පුළුවන්.

ඉතිහාසයට ආස කරන අයට පරණ යටත්විජිත යුගයේ සුන්දරත්වය තවමත් ඉතිරි වුණු ලස්සන Colonial towns දැකබලාගන්න පුළුවන්.

 

ගාණත් එක්ක බැලුවොත් හරිම ලාභයි!

Central America වල තියෙන රටවල් එක්ක බලද්දී, අඩුම වියදමකින් ට්‍රැවල් කරන්න Backpacker Budget එක දවසකට $40-45 ක් වගේ. Mid-range Budget එක විදිහට දවසකට $65ක් වගේ දක්වන්න පුළුවන්.

 

කවදද යන්නේ? 

මෙහේ Peak Season එක වෙන්නේ නොවැම්බර් ඉඳන් මාර්තු වෙනකම් කාලයයි.

ඉතින්, හැමෝම එකම රටවල් පස්සේ දුවද්දී, කට්ටියටම මඟඇරුණු මේ පුංචි පාරාදීසය ඔයාගේ Travel Bucket List එකටත් අදම එකතු කරගන්න.

 

Image credit: centrohistorico.gob.sv

Don't forget to share this post!

Recent Posts

906
June 24, 2026