අලුත් financial year එකේ ආරම්භයත් සමඟ, එළඹෙන ජූලි 1 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ federal මට්ටමින් දැවැන්ත නීතිමය සහ නියාමන වෙනස්කම් රැසක් ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබෙනවා. මෙවර හඳුන්වා දෙන වෙනස්කම් අතර වැටුප් වර්ධක, මාපිය නිවාඩු, බදු සහන මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයට අදාළ වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් ඇතුළත්.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන සැමට සෘජුවම බලපාන එම ප්‍රධාන ජාතික මට්ටමේ වෙනස්කම් කිහිපයක්;
- අවම වැටුප් ඉහළට
කිසිදු විශේෂ ගිවිසුමකට (Award/Enterprise Agreement) ඇතුළත් නොවන සේවකයන් සඳහා වන National Minimum Wage එක ජූලි 1 වන දා සිට 4.75% කින් ඉහළ යනවා. ඒ අනුව, මින් ඉදිරියට සේවකයෙකුට පැයකට $26.44 ක් හෝ සතියකට (පැය 38 ක සේවා කාලයක් සඳහා) බදු අඩු කිරීමට පෙර $1004.90 ක අවම වැටුපක් හිමි වෙනවා. Minimum award wages ද මේ හා සමාන ප්‍රතිශතයකින් ඉහළ යන බව Fair Work Commission එක නිවේදනය කර තිබෙනවා.
- වැටුප ලැබෙන දවසටම Superannuation
මින්පසු සේවා යෝජකයන් විසින් තම සේවකයන්ගේ Superannuation දායකත්වය Quarterly ගෙවනවා වෙනුවට, වැටුපත් සමගම ගෙවිය යුතුයි. මෙමඟින් සේවකයන්ට තම විශ්‍රාම ඉතුරුම් වේගයෙන් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර, ප්‍රමාද වී හෝ නොගෙවා හරින superannuation ගැටලුවට ද විසඳුමක් ලැබෙනවා. මීට අමතරව, බදු සහන සහිත Concessional contributions cap එක $30,000 සිට 32,500 දක්වා ඉහළ දමා තිබෙනවා.
- රජයෙන් ලැබෙන මාපිය නිවාඩු (Paid Parental Leave) දිගු කෙරේ
රජයේ අනුග්‍රහය සහිත වැටුප් සහිත parental leave කාලය දින 120 සිට දින 130 දක්වා (සති 26 ක් දක්වා) දීර්ඝ කර තිබෙනවා. මෙම සහනය ජූලි 1 වැනිදා හෝ ඉන් පසුව උපදින හෝ හදාවඩා ගැනීමට ගන්නා (Adopted) දරුවන්ගේ දෙමාපියන්ට පමණක් වලංගු වෙනවා. එමෙන්ම, සහකරු හෝ සහකාරිය වෙනුවෙන් වෙන් කර ඇති නිවාඩු දින ගණන දින 15 සිට 20 දක්වා වැඩි කර තිබෙනවා.
- ව්‍යාජ දුරකථන පණිවිඩවලට (Scam SMS) වැට බැඳෙයි
ව්‍යාජ කෙටි පණිවිඩ මඟින් සිදුවන වංචා වැළැක්වීම සඳහා ජූලි 1 සිට දැඩි නීති ක්‍රියාත්මක වේ. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ආයතන තම අනන්‍යතාවය එනම් Sender ID එක (උදා: myGov, AusPost) අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුයි. එසේ ලියාපදිංචි නොකරන ලද ඕනෑම අංකයකින් ලැබෙන පණිවිඩ දුරකථනවල දිස්වන්නේ “unverified” (තහවුරු නොකළ) පණිවිඩ ගොනුවක් යටතේයි. පසුව එම වංචනික අංක ස්වයංක්‍රීයවම අවහිර කිරීමට කටයුතු කෙරෙනවා.
- සෑම බදු ගෙවන්නෙකුටම බදු සහන
2026 ජූලි 1 සිට සෑම ඕස්ට්‍රේලියානු බදු ගෙවන්නෙකුටම $268 ක් දක්වා බදු කප්පාදුවක් හිමිවන අතර, 2027 ජූලි 1 සිට එය වසරකට $536 ක් දක්වා ඉහළ යනු ඇත. $18,201 ත් 45,000 ත් අතර ආදායම් ලබන්නන්ගේ බදු අනුපාතය 2026 ජූලි සිට 16% සිට 15% දක්වා ද, 2027 ජූලි සිට 14% දක්වා ද අඩු කෙරෙනවා. එසේම, 2026-27 වසරේ සිට Tax returns ඉදිරිපත් කිරීමේදී රිසිට්පත් රහිතවම $1000 ක Instant tax deduction එකක් ලබා ගැනීමට ද සේවකයන්ට අවස්ථාව හිමි වෙනවා.
- මුහුදු ආහාර සඳහා නව ලේබල් ක්‍රමයක්
Restaurants, cafes, pubs, clubs, takeaways සහ food trucks වැනි ක්ෂණිකව පරෝභෝජනයට ගන්න seafood ඇතුළු සියලුම seafood, ඒවා නිෂ්පාදනය කළ රට අනුව ඕස්ට්‍රේලියානු (A), ආනයනික (I) හෝ මිශ්‍ර (M) ලෙස පැහැදිලිව ලේබල් කළ යුතුයි. මෙම නව නීතිය Australian Consumer Law එක යටතේ ක්‍රියාවට නැංවෙනවා.
- ව්‍යාපාරික ගාස්තු ඉහළට
Australian Securities and Investments Commission එක යටතේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහ අලුත් කිරීමේ ගාස්තු සුළු වශයෙන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව Business registration හෝ renewal සඳහා වසරක් සඳහා අය කෙරෙන මුදල $45 සිට $47 දක්වාත්, වසර 3ක් සඳහා මුදල $104 සිට $108 දක්වාත් ඉහළ දමා තිබෙනවා. company එකක් register කිරීම සඳහා වය වන වියදම $611 සිට $636 දක්වා ඉහළ යන අතර proprietary company එකක් සඳහා annual review fee එක $329 සිට $342 දක්වා ඉහළ යනවා. කෙසේ වෙතත්, කුඩා ව්‍යාපාර සඳහා වූ $20,000 Instant asset write-off එක ස්ථිර කර තිබෙනවා.
- විදුලි විසන්ධි කිරීම් සීමා කෙරේ
ACT, NSW, Queensland, South Australia සහ Tasmania යන ප්‍රාන්තවල minimum electricity disconnection amount එක $300 සිට 500 දක්වා වැඩි කර තිබෙනවා. ඒ අනුව $500 ට අඩු හිඟ බිල්පත් සඳහා විදුලිය විසන්ධි නොකර පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම නව නීතිරීතිත් සමඟ ඉදිරි මුදල් වර්ෂය ඕස්ට්‍රේලියානු වැසියන්ගේ දෛනික ජීවිතයට මෙන්ම ආර්ථිකයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇත.