ඕස්ට්‍රේලියානුවන් සීතල හිම මැදින් නත්තල සමරන මේ තැන ගැන දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානුවන් සීතල හිම මැදින් නත්තල සමරන මේ තැන ගැන දන්නවද?

ඔයා දන්නවද ඕස්ට්‍රේලියාවේ එකම කාලේදී එක පැත්තකට හිම වැටෙද්දී, තව පැත්තක බීච් එකකට වෙලා නාන්න පුළුවන් තරම් රස්නයක් තියෙනවා කියලා?

ඔයාට සීතල දරාගන්නම බැරි නම්, ලස්සන ට්‍රිප් එකක් යන්න හොඳම තැන තමයි ඔස්ට්‍රේලියාවේ උතුරු පැත්ත. ඒ කියන්නේ Northern Territory එක. Darwin, Top End වගේ ප්‍රදේශවලට දැන් තියෙන්නේ ‘වියළි කාලගුණයක්’. දවල්ට මාරම ප්‍රසන්න, උණුසුම් සුවදායී දේශගුණයක් තියෙන නිසා එළිමහනේ ඇවිදින්න නියමයි.

හැබැයි ඔයාට ඇත්තටම Snowing අත්දැකීමක් ගන්න ඕනේ නම් Sydney නගරයෙන් පහළට වෙන්න තියෙන Australian Alps කඳු වැටිය කියන්නේ ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.

විශේෂම දේ තමයි, මේ දවස්වල ඒ ප්‍රදේශවල සංචාරකයෝ ටිකක් අඩුයි. හැබැයි ජූලි මැද වෙද්දී පාසල් නිවාඩු දෙන නිසා Ski fields වල නම් කට්ටිය ටිකක් වැඩි වෙන්න පුළුවන්.

අද අපි කියන්නේ මේ සුප්‍රසිද්ධ Alps වලට අමතරව Sydney ඉන්න ඔයාට යන්න පුළුවන් ලස්සන තැන් ටිකක් ගැන. 

තල්මස්සු බලන්න යාම: බෝට්ටුවකින් මුහුද මැදට ගිහින් හරි, නැත්නම් Bondi වෙරළේ ඇවිදින ගමන් හරි මුහුදේ පීනන තල්මස්සුන්ව බලාගන්න මේක තමයි හොඳම කාලය.

ලෝක ප්‍රසිද්ධ City2Surf දිවීම: ඔයා දුවන්න ආස කෙනෙක් නම් 14km ක මේ සුපිරි Fun run එකට එකතු වෙන්න පුළුවන්. මේකට මිනිස්සු 80,000ක් විතර සහභාගි වෙනවා.

Vivid Sydney ආලෝක සංදර්ශනය: මුළු නගරයම light installations සහ projections වලින් පාට පාට කරන මේ මාරම ලස්සන festival එක පසුගිය දවස්වල පැවැත්වුණා. ආයෙත් මේක බලාගන්නනම් ඊළඟ අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා.

Blue Mountains හි Yulefest: සිඩ්නිවලින් පොඩ්ඩක් බටහිරට වෙන්න තියෙන Blue Mountains කඳුකරයේ මේ දවස්වල නත්තල් පරිසරයක් නිර්මාණය කරලා ‘Yulefest’ සමරනවා. සමහර වෙලාවට එහෙට හිම වැටෙන්නත් ඉඩ තියෙනවා! ඉතින් ඔයත් හිම වැටෙන පරිසරයක නත්තල සමරන්න කැමතිනම් මේක හොඳ අවස්තාවක්.

මේ දවස්වල Sydney නගරය දවල් කාලයට නිල්ම නිල් පාට අහසක් එක්ක මාරම ලස්සනයි. හැබැයි හවසට හොඳටම සීතල වෙනවා. ඉතින්, මේ අවුරුද්දේ වෙනස්ම විදිහක ශීත කාලයක් අත්විඳින්න ආස නම්, Sydney ඉන්න ඔයාට ගොඩක් අවස්ථා තියෙනවා.

Don't forget to share this post!

Recent Posts

914
June 30, 2026