NSW ගිලගන්නා දරුණු වෛරසයක් – කල් තියා ගත යුතු පියවර මෙන්න

  • Home
  • /
  • Health
  • /
  • NSW ගිලගන්නා දරුණු වෛරසයක් – කල් තියා ගත යුතු පියවර මෙන්න

එළඹිලා තියෙන Winter එකත් සමඟ පැතිරෙන ලෙඩක් ගැන තමයි මේ කතාව. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ මේ දවස්වල Influenza සහ RSV (Respiratory Syncytial Virus) වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම දරුණු විදිහට ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

NSW හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Dr. Kerry Chant පවසන්නේ මේ රෝග පැතිරීමේ Peak එක තවමත් උදා වී නොමැති බවයි.

 

අගෝස්තු මුලදී තත්ත්වය තවත් දරුණු වෙයිද?

“දැනට තියෙන තත්ත්වය අනුව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් පේන්න තියෙනවා. ලෙඩේ උපරිමයටම පැතිරෙන කාලය අගෝස්තු මුල හරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉස්කෝල නිවාඩු කාලය නිසා මිනිස්සු ගැවසීම පොඩ්ඩක් අඩු වුණොත් මේක සැප්තැම්බර් අග වෙනකම් වුණත් ඇදිලා යන්න ඉඩ තියෙනවා,” යනුවෙන් ඇය පැවසුවා.

මේ දරුණු තත්ත්වයෙන් බේරෙන්න තියෙන හොඳම සහ එකම ක්‍රමය තමයි කලින්ම Vaccination කරගැනීම. “ඔයා එන්නත විදගන්න හිත හිත ඉඳලා පරක්කු වුණා නම්, මතක තියාගන්න තවමත් වෙලාව තියෙනවා. වෛරසය උපරිමයටම පැතිරෙන්න කලින් Vaccine එක අරගන්න එක තමයි ඇඟට ගුණ,” ඇය වැඩිදුරටත් මතක් කර සිටියා.

 

කටු ගහන්න බය ළමයින්ට නහයට විදින Sprays!

ගොඩක් වෙලාවට වයස අවුරුදු 2 ත් 17 ත් අතර ළමයි කටු ගහනවට මාරම බයයිනේ. අන්න ඒ වගේ ළමයින් වෙනුවෙන් නහයට ස්ප්‍රේ කරන (Nasal spray) විශේෂ influenzas vaccine එකක් මේ පාර හඳුන්වා දීලා තියෙනවා. හැබැයි මේකේ තොග සීමිත නිසා, ළඟම තියෙන සායනයකින් කලින්ම විමසලා බලන එක හොඳයි.

 

Covid සහ RSV තත්ත්වය කොහොමද?

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ දවස්වල කොවිඩ් වෛරස් ව්‍යාප්තිය තරමක් අඩු මට්ටමක සහ ස්ථාවරව පවතින බවයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 65 ට වැඩි අය වසරකට වතාවක් ද, අවුරුදු 75 ට වැඩි වැඩිහිටියන් වසරකට දෙවතාවක් ද කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්යය වෙනවා.

හැබැයි, ශ්වසන පද්ධතියට හානි කරන RSV වෛරසය නම් සෑහෙන කාලෙක ඉඳන් ඉහළ මට්ටමක පවතිනවා. වාසනාවකට වගේ මේ පාර වැඩිහිටියන් වෙනුවෙන් අලුත් RSV එන්නතක්ද හඳුන්වා දී තිබීම සහනයක්.

 

රෝහල්වලට බරක් නොවී බෙහෙත් ගන්නේ කොහොමද?

NSW සෞඛ්‍ය නියෝජ්‍ය ලේකම් Matthew Daly පවසන්නේ මේ රෝගී ව්‍යාප්තිය කලින්ම බලාපොරොත්තු වූවක් බවයි. හැබැයි, ඔබට තදබල අමාරුවක් නොමැති නම්, කෙළින්ම රෝහල්වල හදිසි අනතුරු අංශවලට යන්නේ නැතිව “Healthdirect” (1800 022 222) දුරකථන අංකය අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමඟින් රෝහල් පද්ධතිය අනවශ්‍ය ලෙස තදබදයට ලක් වීම වළක්වා ගත හැකියි.

සීතල කාලය තවමත් ඉවර නැති නිසා, කැස්ස, හෙම්බිරිස්සාව හෝ උණ ගතියක් තියෙනවා නම් මඟහරින්නේ නැතිව වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට උනන්දු වන්න!

 

Don't forget to share this post!

Recent Posts

914
June 30, 2026