ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහතට – දැන්ම ගෙයක් ගන්නවද?

  • Home
  • /
  • Lifestyle
  • /
  • ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහතට – දැන්ම ගෙයක් ගන්නවද?

ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවය, බැංකු පොලී අනුපාත ඉහළ යාම සහ රජයේ නව බදු සංශෝධන හේතුවෙන් වසර තුනහමාරකට පසු පළමු වතාවට Brisban නගරයේ නිවාස මිල පහත වැටී තිබෙනවා.

2026 ජූනි මාසයේදී නිකුත් කළ නවතම PropTrack Home Price Index එකේ දත්තවලට අනුව,  බ්‍රිස්බේන් හි මධ්‍යස්ථ නිවාස මිල මැයි මාසයට සාපේක්ෂව 0.2% කින් පහත වැටී ඩොලර් මිලියන 1.073 ක් දක්වා අඩු වී තිබෙනවා.

PropTrack හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Anne Flaherty පවසන්නේ මෙතෙක් කල් විකුණුම්කරුවන්ගේ පාලනයට නතු වී තිබූ බ්‍රිස්බේන් දේපළ වෙළඳපොළ, දැන් සෙමෙන් ගැනුම්කරුවන්ට වාසිදායක දෙසට හැරෙමින් පවතින බවයි.

 

මිල පහත වැටීමට බලපෑ ප්‍රධාන හේතු

පොලී අනුපාත ඉහළ යාම: RBA විසින් මේ වසර තුළ තුන් වතාවක්ම ජාතික පොලී අනුපාත ඉහළ දැමූ අතර, මේ වන විට එය 4.35% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව බදු සංශෝධන: ආයෝජකයින් විසින් පවතින නිවාස මිලදී ගැනීම සීමා කිරීමේ අරමුණින් ෆෙඩරල් රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී Negative Gearing සහ Capital Gains Tax සඳහා සංශෝධන හඳුන්වා දුන්නා.

ජීවන වියදම් පීඩනය: පවතින දැඩි ජීවන වියදම් අර්බුදය හේතුවෙන් බොහෝ ගැනුම්කරුවන් වෙළඳපොළෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

“වෙළඳපොළේ තවමත් ඕනෑතරම් නිවාස විකිණීමට තිබෙනවා. නමුත් දැන් විකුණුම්කරුවන්ට තමන් බලාපොරොත්තු වූ ඉහළ මිල ගණන් පහත හෙළීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මිලදී ගන්නන් හට දැන් හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා” යනුවෙන් Anne Flaherty මහත්මිය සඳහන් කළා.

 

පසුගිය වසර කිහිපයේ වාර්තාගත වර්ධනය

බ්‍රිස්බේන් හි නිවාස මිල මීට පෙර අවසන් වරට පහත වැටුණේ 2022 නොවැම්බර් මාසයේදීයි. එදා මිල 0.04% කින් පමණක් පහත වැටී මධ්‍යස්ථ මිල $721,000 ක් ලෙස සටහන් වුණා.

එතැන් සිට ගතවූ වසර තුනහමාර තුළ බ්‍රිස්බේන් හි නිවාස මිල 48.8% කින් $352,000 කින් වාර්තාගත ලෙස ඉහළ ගොස්  තිබෙනවා. 

 

අනෙකුත් ප්‍රදේශ සහ ජාතික තත්ත්වය

Gold Coast ද 0.3% කින් මිල පහත වැටීම් වාර්තා කළද, ක්වීන්ස්ලන්තයේ Regional markets තවදුරටත් ස්ථාවර මට්ටමක පවතී. Townsville හි මිල 0.12% කින් සහ Cairns හි මිල 0.01% කින් ඉහළ ගොස් තිබෙනවා.

ජාතික මට්ටමින් ගත් කල, ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පිට පිට තෙවැනි මාසයටත් ජූනි මාසයේදී 0.3% කින් පහත වැටී තිබෙනවා. මේ වන විට ජාතික මධ්‍යස්ථ නිවාස මිල $903,000 ක් වෙනවා. සිඩ්නි සහ පර්ත් නගරවල මිල 0.5% කින් පහත වැටී ඇති අතර, මිල ඉහළ ගිය එකම capital city එක වූයේ 0.2% ක වර්ධනයක් පෙන්වූ Darwin නගරයයි.

‘Happy Buyers Club’ හි ප්‍රධානී Sam Hunter පවසන්නේ මිල සුළු වශයෙන් පහත වැටීම වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ සෞඛ්‍ය සම්පන්න ලක්ෂණයක් බවයි.

Don't forget to share this post!

Recent Posts

904
July 3, 2026