පර්යේෂණ ක්ෂේත්රයේ සහ නවීන තාක්ෂණයන් තවදුරටත් ශක්තිමත් කරමින්, National Industry PhD Program හි 7 වන වටය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර වටයේදී research PhD places 91 ක් සඳහා අරමුදල් සැපයීමට තීරණය කර ඇති අතර, ඊට Industry Linked PhD අවස්ථා 46 ක් සහ Industry Researcher PhD අවස්ථා 45 ක් ඇතුළත් වෙනවා. මේ සුදුසුකම්ලත් පිරිස තෝරාගෙන තිබෙන්නේ විවිධ research fields ඔස්සේ ඉදිරිපත් වූ අයදුම්පත් 189 ක් අතුරින්.
සැබෑ ලෝකයේ අභියෝගවලට පර්යේෂණාත්මක විසඳුම්
මෙම වැඩසටහන යටතේ PhD candidatesලා විසින් වර්තමානයේ විවිධ ක්ෂේත්‍ර මුහුණ දෙන ප්‍රධාන අභියෝග සහ අවස්ථාවන් ඉලක්ක කරගනිමින් පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. එමඟින් නවෝත්පාදනයන් දිරිගැන්වීම, research-industry collaboration එක ශක්තිමත් කිරීම සහ වාණිජමය වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දිය හැකි ඉහළ කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් බිහි කිරීම අපේක්ෂා කෙරෙනවා.
මෙවර 7 වන වටය යටතේ අනුග්‍රාහකත්වය ලබන සුවිශේෂී Research projects අතර AI, Virtual Assessment Models, Hydrogen Fuel Cells ආශ්රිත ව්‍යාපෘති කැපී පෙනෙනවා.
මේ දක්වා ක්‍රියාත්මක වූ වට 7 පුරා මෙම වැඩසටහන මඟින් PhD places 448 ක් සඳහා අරමුදල් සපයා තිබෙනවා.
මෙමඟින් ආචාර්ය උපාධි අපේක්ෂකයින්ට විවිධ ක්ෂේත්‍ර වල ප්රමුඛ පෙළේ හවුල්කරුවන් සමඟ ප්‍රායෝගිකව වැඩ කිරීමේ අත්දැකීම් ලැබෙන අතරම, පර්යේෂණ මෙන්ම ව්‍යාපාරික ලෝකය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට, Network එක නිර්මාණය කරගැනීමට සහ විශේෂඥතාව වර්ධනය කර ගැනීමට මඟ පෑදෙනවා.
ඉතින් වැදගත්ම දේ තමයි National Industry PhD Program 8 වන වටය සඳහා අයදුම්පත් කැඳවීම 2026 ජූලි 13 වන සඳුදා දින ආරම්භ වෙනවා. ඉතින් ඔයත් මේ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවානම් ඉක්මන් කරන්න. අයදුම්පත් බාරගැනීම 2026 අගෝස්තු 21 වන සිකුරාදා දිනෙන් අවසන් වෙනවා.
මේ වැඩසටහන පිළිබඳ නවතම තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ගැන අවදානයෙන් ඉන්න.