Canberra Trip එකක් Plan කරනවා නම් මේක බලන්න!

  • Home
  • /
  • Blog
  • /
  • Canberra Trip එකක් Plan කරනවා නම් මේක බලන්න!

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි හෝ වෙනත් නගරයක ජීවත් වන ඔයාට, කාර්යබහුල ජීවිතයෙන් මිදිලා පොඩි වෙනසක් කරන්න හොඳම තැනක් තමයි අගනුවර වන Canberra කියන්නේ. රසවත් කෑම බීම, ඓතිහාසික ස්ථාන, කලාව සහ සුන්දර පරිසරය එකට මුසු වූ Canberra නුවර දින 3කින් උපරිමයෙන් විඳගන්නේ කොහොමද කියලා අද අපි බලමු.

 

1 වැනි දවස: Lake Burley Griffin සහ NewActon

Canberra නගරයේ හදවත බඳු සුන්දර Burley Griffin වැව ආශ්‍රිතව පළමු දිනය ගත කරන්න ඔයාට පුළුවන්.

 

  • වැව වටේ රවුමක් යමු: වැව් ඉවුරේ ඇවිදින්න, බයිසිකල් පදින්න වගේම e-scooter එකකින් වටපිටාවේ සුන්දරත්වය විඳගන්න මෙහි දී ඔයාට අවස්ථාව ලැබෙනවා.
  • ඔබේම බොට්ටුවක් පදිමු (GoBoat): කිසිදු Boat License එකක් නැතිව, ඔබටම පදවන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බෝට්ටුවක් (GoBoat) කුලියට ගන්න. මෙහි ඇති කෑම මේසය මත දිවා ආහාරය ගනිමින් වැව මැද ගත කරන වෙලාව පවුලේ සැමට අමතක නොවන අත්දැකීමක් වේවි.
  • National Gallery of Australia: කලාවට ලැදි අයට වැව් ඉවුරේම පිහිටි මේ කලාගාරය වටිනා තැනක්. මෙහි ඇති Aboriginal කලා නිර්මාණ සහ Sculpture Garden එක නැරඹීමට අමතක කරන්න එපා.

 

2 වැනි දවස: කැන්බරාවේ සුප්‍රකට සලකුණු

ඕස්ට්‍රේලියාවේ දේශපාලන සහ ඓතිහාසික වැදගත්කම හැදෑරීමට දෙවැනි දිනය වෙන් කරමු.

  • National Portrait Gallery: ඕස්ට්‍රේලියාවේ ප්‍රකට ක්‍රීඩකයන්, දේශපාලනඥයන් සහ සංගීතඥයන්ගේ සිතුවම් සහ ඡායාරූප මෙහිදී ඔබට බලාගන්න පුළුවන්.
  • ළමයින්ට විද්‍යාවේ ආශ්චර්යය පෙන්වන්න (Questacon): ඔයා දරුවන් සමඟ යනවා නම්, මේ Science Museum එක අනිවාර්යයෙන්ම යා යුතු තැනක්. රොබෝ තාක්ෂණයේ සිට විවිධ විද්‍යාත්මක පරීක්ෂණ සජීවීව අත්දකින්න මෙහිදී පුළුවන්.
  • පාර්ලිමේන්තු මන්දිරය (Parliament House): ඕස්ට්‍රේලියාවේ තීන්දු තීරණ ගන්නා ප්‍රධාන මධ්‍යස්ථානය නරඹන්නත් අමතක කරන්න එපා. (පෞද්ගලික සංචාර සඳහා කලින් book කළ යුතයි).
  • Australian War Memorial: රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන මෙම අලංකාර ස්මාරකය දැක බලාගන්න.
  • Mount Ainslie කඳු මුදුනට: War Memorial එක අසලින් ආරම්භ වන මෙම කුඩා කඳු නැගීමෙන් පසු, මුළු කැන්බරා නගරයම සහ වැව එකට පෙනෙන සුන්දර දර්ශනයක් ඔබට දැකගත හැකියි.

 

3 වැනි දවස: ජාතික උද්භිද උද්‍යානය සහ Braddon

අවසාන දිනය සොබාදහම සහ Shopping කරන්න වෙන් කරමු.

  • National Arboretum: හෙක්ටයාර 250ක් පුරා විහිදුණු දුර්ලභ ශාක සහ සුපිරි Bonsai එකතුවක් මෙහිදී දැකගත හැකියි.
  • Braddon හි Shopping සහ කෑම බීම: කැන්බරා හි ‘Trendy’ ම තැනක් වන Braddon වෙත ගොස් Bisonhome, Goodbyes වැනි සාප්පු වෙතින් විලාසිතා සහ සිහිවටන මිලදී ගන්න. දේශීය බියර් සහ කෑම වර්ග රස බලන්නත් අමතක කරන්න එපා.
  • ස්වදේශික උරුමය (Mount Majura): Mount Majura කන්ද ආශ්‍රිතව ඇති පැරණි Aboriginal සංස්කෘතික ස්ථාන නැරඹන සංචාරයකට එකතු වෙන්න. එහිදී සාම්ප්‍රදායික Bush foods රස බැලීමටද අමතක කරන්න එපා.

කැන්බරාවල තියෙන මේ අපූරු සුන්දරත්වය සහ පිරිසිදු වාතය අලුත් සහ ප්‍රබෝධමත් අත්දැකීමක් වේවි. ඉතින් Long weekend එකක පවුලේ අයත් එක්ක කැන්බරා යන්න අදම plan කරන්න!

Don't forget to share this post!

Recent Posts

931
July 7, 2026