Melbourne, Sydney පරදා ඕස්ට්‍රේලියාවේ සතුටින්ම ඉන්න නගරය මෙන්න!

නාගරික සංවර්ධනය සහ මිනිස් ජීවන තත්ත්වය පිළිබඳව ලොව පුරා සිදුකෙරෙන විශාලතම community-driven study එකේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, 6 වැනි Happy City Index හි ප්‍රතිඵල එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේදී උත්කර්ෂවත් අන්දමින් නිවේදනය කෙරුණා.

වත්මන් මෙන්ම අනාගත පරපුරේ ජීවන තත්ත්වය සහ සතුටින් සිටීම ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, ජාත්‍යන්තර පර්යේෂණ රැසක එකතුවෙන් සහ විධිමත් ක්‍රමවේදයකට අනුව මෙම දර්ශකය සකසා තිබෙනවා.

 

සංඛ්‍යාත්මක දත්ත දෙස බැල්මක්

Cities: මෙවර 2026 දර්ශකය සඳහා ලොව පුරා නගර 251ක් ඇතුළත් කර තිබෙනවා.  

Researchers: දත්ත විශ්ලේෂණය සඳහා ජාත්‍යන්තර පර්යේෂකයන් 466 දෙනෙකුගේ දායකත්වය ලබාගෙන තිබෙනවා.

Data records: නගරවල තත්ත්වය නිවැරදිව තක්සේරු කිරීම සඳහා දත්ත වාර්තා 150,000කට වඩා එකතු කර, ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කර තිබෙනවා.

 

GOLD Group 

මෙම දර්ශකයේ ඉහළින්ම සිටින විශිෂ්ටතම නගර 50 ‘GOLD Group’ ලෙස නම් කර තිබෙනවා. මෙම නගර ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් ඔස්සේ අඛණ්ඩව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්. 

එම ක්ෂේත්‍ර වන්නේ;

  • Citizens
  • Governance
  • Environment
  • Economy
  • Health 
  • Mobility 

මෙවර දර්ශකයට අනුව ඩෙන්මාර්කයේ Copenhagen නගරය ලොව සතුටින්ම සිටින නගරය ලෙස පෙරමුණ ගෙන ඇති අතර, ෆින්ලන්තයේ Helsinki සහ ස්විට්සර්ලන්තයේ Geneva නගර පිළිවලින් 2වන සහ 3වන ස්ථාන දිනාගෙන තිබෙනවා. 

ආසියානු නගර අතර ඉහළම ස්ථානය ලබාගෙන ඇත්තේ ජපානයේ Tokyo නගරයයි. යුක්‍රේනයේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ එරට බලධාරීන් දක්වන කැපවීමට ගරු කිරීමක් වශයෙන් Kyiv නගරය 251 වැනි නගරය ලෙස සංකේතාත්මකව මෙයට ඇතුළත් කර තිබෙනවා.  

මෙම Gold Cities අතර ඉහළින්ම සිටින ඕස්ට්‍රේලියානු නගරය වන්නේ Victoria හි Central Highlands හි Ballarat නගරයයි. එය සමස්ත නගර අතර 16 වෙනි ස්ථානය ලබාගෙන තිබෙනවා. Gold Cities අතරට එකතු වුණු අනෙක් ඕස්ට්‍රේලියානු නගරය වන්නේ NSW, Hunter Valley හි Maitland නගරයයි.

Gold Cities වලට අමතරව හොඳම නගර 250 අතරට තවත් ඕස්ට්‍රේලියානු නගර 5ක් ඇතුළත් වී තිබෙනවා. ඒ අනුව;

  1. 71 වන ස්ථානය – Adelaide නගරය 
  2. 108 වන ස්ථානය – Melbourne නගරය 
  3. 122 වන ස්ථානය – Melbourne හි Geelong
  4. 132 වන ස්ථානය – Hobart නගරය 
  5. 168 වන ස්ථානය – Queensland හි Rockhampton නගරය

 

මෙහි සැබෑ අරමුණ කුමක්ද?

මේ index එකේ අරමුණ වෙන්නේ ලෝකයේ එකම එක හොඳම නගරයක් තේරීම නෙවෙයි. ඒ වෙනුවට යහපත් පාලනය, තිරසාර බව, ඔරොත්තු දීමේ හැකියාව සහ උසස් ජීවන තත්ත්වය මනාව ගළපා ගනිමින් සමබර නාගරික සංවර්ධනයක් ළඟා කරගත් නගර හඳුනා ගැනීමයි.  සරලවම කියනවා නම්, මෙය නගරවල ප්‍රමාණය හෝ ධනය මැනීමකට වඩා, එහි වෙසෙන මිනිසුන්ට දෛනිකව දැනෙන මානසික සහ කායික සහනය මැන බැලීමක්.

 

Image credit: www.vacayit.com

Don't forget to share this post!

Recent Posts