Winter එක කිව්වම ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් ආසාවෙන් බලන් ඉන්න දෙයක් තමයි ski season එක. ඕස්ට්‍රේලියාවේ සුපිරියටම හිම වැටෙන, මිනිස්සු Ski කරන්න පිස්සුවෙන් වගේ යන පැති තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ Ski Season එක පටන් ගත්තට කඳුකර ප්‍රදේශ වලට ලැබුණු ස්වභාවික හිම පතනයනම් ගොඩක් අඩුයි!
ඇයි මෙහෙම වුණේ? හැමෝම ආස කරන හිම කඳුකරයට මොකද වෙලා තියෙන්නේ?
ස්වභාවික හිම නැතත් Ski කරන්න යන්නේ කොහොමද?
සීතල කාලේ ආවත් හිම වැටෙන්නේ නැති වෙනකොට ඕස්ට්‍රේලියාවේ Ski Resorts නිකම් හිටියේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම් Snowmaking Machines දාලා කෘතිමව හිම හදන්න මෙයාලා පටන් ගත්තා.
හිතන්නකෝ, මුළු කන්දක්ම සුදු පාට කරන්න Machines වලින් හිම හදනවා කියන්නේ පොඩි වියදමක්ද? හැබැයි සංචාරකයෝ එන එක නතර වුණොත් business ඔක්කොම ඉවර නිසා සල්ලි ගණන් වියදම් කරලා මේ Resorts හිම මවනවා.
දේශගුණික විපර්යාස සෙල්ලම් දායි!
පෘථිවිය උණුසුම් වීම දැන් ඕස්ට්‍රේලියාවට උපරිමයටම දැනිලයි තියෙන්නේ. දත්ත වාර්තා පෙන්වන විදිහට, 1950 ගණන්වල ඉඳන් මේ වෙනකම් ඕස්ට්‍රේලියාවේ හිම කඳුකර ප්‍රදේශවල හිම තට්ටුවල ඝනකම හෙවත් Snow depth එක සීඝ්රයෙන් අඩු වෙලා.
කලින්, මාස 3-4ක් තිබුණු Ski Season එක දැන් සති කිහිපයකට සීමා වෙන්න පටන් අරන්. ඒ විතරක් නෙවෙයි, Machine එකකින් හිම හදන්නත් පරිසරයේ උෂ්ණත්වය ඉතා අඩු වෙන්න ඕනේ. හැබැයි රෑටත් උෂ්ණත්වය වැඩි නිසා දැන් හිම Machines වලටත් වැඩක් කරගන්න බැරි තරමට රත් වීගෙන එනවලු!
අනතුරේ වැටෙන සංචාරක කර්මාන්තය
මේ හිම වැටෙන කඳුකරය ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ විශාල වශයෙන් ව්‍යාපාර පවත්වාගෙන යනවා. හිම නැති වුණොත්:
- Hotels සහ Resorts වැහිලා යනවා.
- දහස් ගණනකට රැකියා නැති වෙනවා.
- Ski / Snowboarding කරන ක්‍රීඩකයින්ට පුහුණු වෙන්න අවස්ථාව නැති වෙනවා.
අපි මොකද කරන්නේ?
Machines වලින් හිම හැදුවට පරිසරය රත් වෙන එක නතර කරන්න බෑ. මේක ඕස්ට්‍රේලියාවට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම දේශගුණික විපර්යාස ගැන දෙන ලොකු රතු නිවේදනයක්.
ඔයාලට මොකද හිතෙන්නේ? තාක්ෂණයෙන් හැමදේම මවන්න හැදුවට, සොබාදහම තරහ වුණාම මිනිස්සුන්ට කරන්න දෙයක් ඉතුරු වෙයිද?