නවසීලන්තයේ South Island වෙත බලපෑ ප්‍රබල භූමිකම්පාවත් සමඟ එරට ජනතාව මෙන්ම සංචාරකයින්ද දැඩි කලබලයට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය ප්‍රදේශ කිහිපයකටම මේ භූ කම්පනය තදින්ම දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.
කම්පනය දැනුණු ප්‍රධාන නගර සහ සංචාරක කලාප
භූමිකම්පාවේ බලපෑම පහත සඳහන් ප්‍රදේශවලට තදින්ම දැනී තිබෙනවා;
Milford Sound, Queenstown සහ Wanaka වැනි සුප්‍රසිද්ධ සංචාරක කලාප.
මීට අමතරව Lumsden, Tuatapere, Alexandra, Gore, Invercargill, Haast, Balclutha සහ Twizel යන නගරවලටද භූමිකම්පාව දැනී තිබෙනවා.
ප්‍රධාන භූමිකම්පාවෙන් පසුව ජනතාව තවත් බියට පත් කරමින් රික්ටර් පරිමාණයේ 3.3 ත් 4.3 ත් අතර අගයකින් යුත් පසු කම්පන (Aftershocks) කිහිපයක්ම එම ප්‍රදේශවලට සිදුව තිබෙනවා.
සුනාමි අනතුරු ඇඟවීම් සහ ඉවත් කිරීම්
භූමිකම්පාවත් සමඟම ක්‍රියාත්මක වූ නවසීලන්තයේ National Emergency Management Agency එක වහාම ක්‍රියාත්මක වී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළා. Milford Sound සිට Puysegur Point දක්වා වූ වෙරළ තීරයට මුහුදු ජලය ගලා ඒමේ අවදානමක් පවතින බවට එහිදී අනතුරු ඇඟවුණා.
මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල පදිංචි ජනතාවට වහාම ආරක්ෂිත උස් බිම් වෙත ඉවත් වන ලෙසයි බලධාරීන් උපදෙස් දුන්නේ.
පසුව මෙම අනතුරු ඇඟවීම් මට්ටම පහළ දැමූවද, අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැති බව නිලධාරීන් පවසනවා. වෙරළ ආශ්‍රිතව අසාමාන්‍ය ලෙස ප්‍රබල දියවැල් සහ රළ පහරවල් ඇතිවිය හැකි නිසා තවදුරටත් අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බලධාරීන්ගෙන් ජනතාවට විශේෂ උපදෙස්
දින කිහිපයක් පවතින අවදානම: දකුණු දිග ප්‍රදේශයේ හදිසි කළමනාකරණ අංශ අනතුරු අඟවන්නේ මෙම භූමිකම්පාවේ බලපෑම්වි, ශේෂයෙන් මුහුදේ රළ ස්වභාවය තවත් දින කිහිපයක් යනතුරු පැවතිය හැකි බවයි.
මාර්ග ආරක්ෂාව: භූ කම්පනය නිසා කඳුකර ප්‍රදේශ ආශ්‍රිත මාර්ගවලට ගල් සහ පස් කඩා වැටීමේ අවදානමක් පවතිනවා. මේ නිසා කඳුකර මාර්ගවල ගමන් කිරීමේදී සහ පාලම් හරහා ගමන් කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස Queenstown Lakes District Council එක රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.