ඕස්ට්‍රේලියාවේ (Australia) නීතිවිරෝධී දුම්කොළ වෙළඳාම (illicit tobacco market) වසර 5කට පසු පළමු වතාවට අඩුවීමක් වාර්තා කර තිබෙනවා. මෑතකදී රජය විසින් ගනු ලැබූ දැඩි නීති ක්‍රියාත්මක කිරීම් (strict enforcement) මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා. Daily smoking rates ඓතිහාසික ලෙස අඩු වී තිබුණත්, Vaping addiction සහ නීතිවිරෝධී නිෂ්පාදන තවමත් ලොකු අභියෝගයක් බව මහජන සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා.
ඕස්ට්‍රේලියාවේ දිනපතා දුම්පානය කරන පිරිස 5.6% දක්වා වාර්තාගත ලෙස අඩු වී තිබෙනවා. Black Market එක Shrink වීම, පසුගිය වසර තුළ illegal tobacco volume එක 25% කින් පමණ අඩු වී තිබෙනවා. දැඩි රේගු වැටලීම්, Australian Border Force විසින් මේ වසරේ මුල් මාස 3 තුළ පමණක් නීතිවිරෝධී දුම්කොළ ටොන් 730 ක් සහ vapes මිලියන 3.8 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා (මෙය පෙර වසරට වඩා 18% ක වර්ධනයක් වෙනවා).

Youth Vaping සහ Addiction අවදානම
18-24 වයස් කාණ්ඩයේ vaping 21% සිට 14% දක්වා අඩු වී තිබෙනවා. එලෙස අඩු වුණත් දිනපතා vape කරන පිරිස (daily vaping) 49% සිට 60% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 40% ක් පමණ මෙය නතර කිරීමට උත්සාහ කළත් එය අපහසු වී තිබෙනවා. Vaping කරන තරුණ අය දුම්පානයට (smoking) යොමු වීමේ සම්භාවිතාව 5 ගුණයකින් වැඩි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
නීතිය සහ ධනාත්මක ප්‍රතිඵල (Enforcement Results)
Legal Sales ඉහළ යාම: Queensland හි සිදුකළ දැඩි වැටලීම් (crackdown) නිසා නීත්‍යානුකූල දුම්කොළ අලෙවිය (legal tobacco sales) 50% කින් ඉහළ ගොස් තිබෙනවා.
Quitline Calls වර්ධනය: ලාභදායී නීතිවිරෝධී දුම්කොළ වෙළඳපොළෙන් ඉවත් වීමත් සමඟ, දුම්පානය නැවැත්වීම සඳහා සහාය පතන Quitline calls ප්‍රමාණය දෙගුණයක් වී තිබෙනවා. මෙය ඉතා වැදගත් කරුණක් වෙනවා.
Taxes වල වැදගත්කම: High tobacco taxes නිසා black market එක වර්ධනය වන බවට ඇතැම් දේශපාලන පක්ෂ චෝදනා කළත්, තරුණ පරපුර දුම්පානයෙන් ඈත් කර තැබීමට ඇති හොඳම ආයුධය ‘Taxes’ බව සෞඛ්‍ය විශේෂඥයින් තරයේ පවසනවා.
ප්‍රධාන අභියෝගය: මෙම නීතිවිරෝධී නිෂ්පාදන corner shops සහ petrol stations වැනි සෑම තැනකම පහසුවෙන් මිලදී ගැනීමට හැකි වීම ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය ජයග්‍රහණය සහ අනාගතය
Smoking rates අඩුවීම ඉතා හොඳ මහජන සෞඛ්‍ය ජයග්‍රහණයක් (public health achievement) වුණත්, තවමත් දිනකට ඕස්ට්‍රේලියානුවන් 66 දෙනෙක් දුම්පානය නිසා ඇතිවන පිළිකා ඇතුළු රෝගවලින් මිය යනවා. එබැවින් නීති තවදුරටත් දැඩි කිරීම සහ Quit කිරීමට උත්සාහ කරන අයට support කිරීම අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කරනවා.