ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සමාගම් වලින් දැවැන්ත sales! $49 සිට Air Tickets

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සමාගම් තුනක් වන Jetstar, Qantas සහ Virgin Australia විසින් ඉදිරි නිවාඩු කාලය වෙනුවෙන් දැවැන්ත Flight Sales ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන්ම Western Australia හි Perth වැසියන් ඉලක්ක කරගනිමින් Jetstar සමාගම ඉතා අකර්ෂණීය international flights කිහිපයක්ම අඩු ගාස්තු යටතේ හඳුන්වා දී තිබීම කැපී පෙනෙන කරුණක්.

 

Jetstar වෙතින් Perth වැසියන්ට විශේෂ දීමනාවක්

Jetstar හි මෙම නවතම දීමනාව යටතේ Perth නගරයේ සිට Bali සහ Manila වැනි ජනප්‍රිය සංචාරක පාරාදීස වෙත $149 ක් තරම් අඩු මුදලකට fly කිරීමට අවස්ථාව හිමිවෙනවා.

Perth වැසියන්ට ඕස්ට්‍රේලියාවේ Sydney වැනි දේශීය නගරයකට යනවාට වඩා බාලි වැනි විදේශීය ගමනාන්තයකට ළඟාවීම පහසු සහ ආසන්න බව පවසන Jetstar සමාගම, මෙම දීමනාව තුළින් තවත් ජනප්‍රිය ස්ථාන රැසකට අඩු ගාස්තු ගුවන් ගමන් ලබා දී තිබෙනවා:

  • Perth සිට Bali: $149 සිට
  • Perth සිට Phuket: $205 සිට
  • Perth සිට Bangkok: $225 සිට
  • Perth සිට Christchurch: $339 සිට 

ඔක්තෝබර් 27 සිට Christchurch දක්වා direct flights ආරම්භ වන බව Jetstar නිවේදනය කර තිබුණා.

Jetstar All Abroad sale එක යටතේ ලැබෙන මෙම ගාස්තු සඳහා Checked bags ඇතුළත් නොවන අතර, ටිකට් පත් අලෙවිය ජූලි 24 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ගමන් වාර 2026 ඔක්තෝබර් සිට ලබන වසරේ මැයි අග දක්වා වලංගු වෙනවා..

මෙයට අමතරව, ඉදිරි වසරවලදී Perth නගරය මූලික කරගනිමින් සේවාවන් තවත් පුළුල් කිරීමේ අරමුණින් Perth ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් නව Cabin Crew එකක් ස්ථාපිත කිරීමටද Jetstar පියවර ගෙන තිබෙනවා.

 

Qantas වෙතින් දේශීය ගුවන් වාර 800,000 කට වැඩි ප්‍රමාණයකට වට්ටම්

Qantas සමාගම ද දේශීය සංචාරකයන් වෙනුවෙන් ගුවන් වාර 800,000 කට අධික ප්‍රමාණයක මිල ගණන් පහත හෙළා තිබෙනවා. ගමනාන්ත 60 කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි මාර්ග 300 කට ආසන්න ප්‍රමාණයකට මෙම වට්ටම් හිමිවෙනවා.

  • Adelaide –> Melbourne /Sydney –> Gold Coast: $99 සිට
  • Darwin සිට Perth: $299
  • Melbourne සිට Hobart: $119 සිට
  • Perth සිට Sydney: $299 සිට
  • Perth සිට Melbourne: $329 සිට

Qantas හි මෙම summer sale එක 2026 දෙසැම්බර් 1 සිට 2027 පෙබරවාරි 27 දක්වා ගමන් වාර සඳහා වලංගු වන අතර, නත්තල් සහ පාසල් නිවාඩු කාලයද මීට ඇතුළත්. මෙම දීමනාවද ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා.

 

Virgin Australia වෙතින් $49 සිට ආරම්භ වන ගුවන් වාර මිලියනයක්!

Virgin Australia සමාගම දේශීය සහ ජාත්‍යන්තර ගුවන් වාර මිලියනයක මිල ගණන් සීඝ්‍රයෙන් පහත හෙළා තිබෙන්නේ $49 තරම් අඩු මුදලකින් economy one-way fares ආරම්භ කරමින්.

  • Sydney සිට Ballina Byron: $49 සිට
  • Sydney සිට Gold Coast: $65 සිට
  • Sydney සිට Sunshine Coast: $69 සිට
  • Melbourne සිට Gold Coast: $89 සිට
  • Melbourne සිට Adelaide: $105 සිට

 

  • Melbourne / Gold Coast සිට Bali: $429 සිට
  • Sydney සිට Bali: $469 සිට
  • Sydney සිට Queenstown: $535 සිට
  • Melbourne/Sydney සිට Fiji: $599 සිට
  • Brisbane සිට Fiji: $609 සිට

 

Virgin Australia හි මෙම විශේෂ sale එක ජූලි 27 මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක වන අතර, 2026 අගෝස්තු 25 සිට 2027 ජූනි 22 දක්වා කාල සීමාව ඇතුළත තෝරාගත් දින සඳහා මෙම ගාස්තු අදාළ වෙනවා.

මේ ඇතුළු තවත් බොහෝ දීමනා ගැන දැනගන්න අදාළ ගුවන් සමාගම් වල නිල වෙබ් අඩවි බලන්න.

ඉතින් ඔයත් ඉදිරි නිවාඩු කාලයේ travel කරන්න plan කරනවා නම්, හිත හිත ඉන්න එපා ඉක්මන් කරන්න.

Don't forget to share this post!

Recent Posts