අහස බබළවන Buck Moon ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට පෙනෙන නිවැරදි වේලාව මෙන්න!

ජූලි මාසයේ පූර්ණ චන්ද්‍රයා හෙවත් පුර පසළොස්වක පොහොය උදාවීමට දැන් කාලය එළඹිලා තිබෙනවා. ලෝකවාසී තාරකා විද්‍යා ලෝලීන්ට වගේම අධ්‍යාත්මික දේවල් වලට කැමති අයටත් මෙය ඉතා විශේෂ මොහොතක්. Buck Moon ලෙස හඳුන්වන මේ ජූලි මස පුර සඳ බ්‍රහස්පතින්දා දින සම්පූර්ණ රූපයෙන් දිස්වන අතර, බදාදා (ජූලි 29) සවස සිටම එහි අපූරු දර්ශනයක් අත්විඳීමට අපට හැකි වෙනවා.

 

Buck Moon දකින්නේ කවදාද?

සිඩ්නි විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ Dr Laura Dreissen පවසන ආකාරයට, සඳු සම්පූර්ණයෙන්ම පූර්ණත්වයට පත්වන්නේ ජූලි 30 වැනි දින අලුයම 12:35 ට (AEST වේලාවෙන්).

නමුත් අලුයම යාමයේ අවදි වීමට අකමැති අය වෙනුවෙන්, ජූලි 29 වැනි බදාදා සවස සඳ නැඟී එන අවස්ථාවේදී අහස දෙස බැලීමෙන් ඉතා සුන්දර දසුනක් දැකගත හැකියි.

 

සඳේ මායාව අත්විඳින්න!

සඳ නැඟී එන අවස්ථාවේදී, එනම් සවස 4:40 ත් 5:15 ත් අතර කාලයේදී සඳ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ලෙස පෙනෙනවා. මේ අවස්තාවේදී පුර සඳ වඩාත් අලංකාර ලෙස දැකගත හැකියි.

 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල සඳ නැඟී එන වේලාවන් මෙන්න:

City Moonrise Peak Moon
Sydney 4:46pm AEST 12:35am AEST
Melbourne 4:46pm AEST 12:35am AEST
Brisbane 4:50pm AEST 12:35am AEST
Canberra 4:42pm AEST 12:35am AEST
Hobart 4:48pm AEST 12:05am AEST
Darwin 5:58pm ACST 12:05am ACST
Perth 5:00pm AWST 10:35pm AWST
Adelaide 4:48pm ACST 12:05am ACST

 

‘Buck Moon’ කියන්නේ මොකක්ද?

බටහිර සංස්කෘතියට අනුව, උතුරු අර්ධගෝලයේ summer එක පවතින මේ කාලයේදී පිරිමි මුවන්ගේ අං අලුතින් වැඩෙන නිසා ජූලි මාසයේ පූර්ණ චන්ද්‍රයා ‘Buck Moon’ ලෙස නම් කර තිබෙනවා.

මෙම පුර සඳ කුම්භ (Aquarius) රාශියෙන් උදාවන අතර, එය පුද්ගලික අනන්‍යතාවය සහ ප්‍රජාව අතර සම්බන්ධතාවය සමබර කර ගැනීමට කදිම අවස්ථාවක් ලෙසයි අධ්‍යාත්මිකව සැලකෙන්නේ.

බලන්න ඔයාට බැරි වුණොත්, මීළඟ පූර්ණ චන්ද්‍රයා වන Sturgeon Moon එළඹෙන 28 වැනි දින උදාවීමට නියමිතයි. 

ඉතින් ඔයත් රාත්‍රී අහසට ආදරය කරන කෙනෙක්නම් මේ බදාදා (29) සවස අහස දෙස බලා මෙම සුන්දර පුර සඳේ අපූරු දසුන අත්විඳින්න අමතක කරන්න එපා!

Don't forget to share this post!

Recent Posts