Jacinta Allan හදිස්සියේම ඉවත් වුණේ ඇයි? මෙන්න ඇත්තම හේතුව!

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින්, Victorian premier, Jacinta Allan ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇයගේ ඉල්ලා අස්වීමත් සමඟ නව අගමැතිවරයා ලෙස Ben Carroll පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වසර තුනකට ආසන්න කාලයක් Victorian premier ලෙස කටයුතු කළ ඇය පවසන්නේ, තමාට ඉටු කිරීමට හැකි වූ වැදගත්ම සේවය වන්නේ කාන්තා සෞඛ්‍යය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග බවයි. තමාද Endometriosis රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බව පවසමින් ඇය කාන්තා සෞඛ්‍යය නංවාලීමට ගත් පියවර සිහිපත් කළා.

වයස අවුරුදු 25 දී එනම් 1999 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ලාබාලම කාන්තා මන්ත්‍රීවරිය ලෙස ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුකාලීනව deputy premier ලෙසද පත්වුණා.

කෙසේ වෙතත්, ඇයගේ පාලන කාලය තුළ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටීම ආදී විවිධ අභියෝගවලට මුහුණ දීමට ද සිදු වුණා. ඉදිරි මැතිවරණයට පෙර පක්ෂය තුළ දිගින් දිගටම පැවැතිය හැකි නායකත්ව අරගලයක් වළක්වා ගැනීම සඳහා තමා ස්වේච්ඡාවෙන් ඉවත් වන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

 

Image credit: 7news.com.au

Don't forget to share this post!

Recent Posts