දියවැඩියාවෙන් වන ලොකුම හානිය වළක්වන්න Melbourne වලින් අලුත් AI tool එකක්! මෙන්න සම්පූර්ණ විස්තරේ

බොහෝ දියවැඩියා රෝගීන්ට කාලයත් සමඟ ඇති වෙන පොදු ගැටළුවක් තමයි පාදවල හටගන්නා තුවාල. මේ නිසා අත්වල සහ කකුල් වල සමහර කොටස් කපා ඉවත් කිරීමට පවා සිදුවෙනවා. මේ අවදානම වළක්වා ගැනීම සඳහා ප්‍රථම වරට AI tool එකක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. එය හඳුන්වන්නේ ‘THERMUL’ යන නමින්.

University of Melbourne සහ RMIT University හි පර්යේෂකයන් එක්ව නිර්මාණය කර ඇති මෙම අතේ ගෙන යා හැකි කැමරා උපකරණය, සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන සමේ වර්ණ සහ උෂ්ණත්ව රටාවන් විශ්ලේෂණය කරනවා. ඒ හරහා රෝගියෙකුගේ පළමු හමුවීමේදීම, එම තුවාලය සුව වීමට ඇති හැකියාව හෝ එහි අවදානම කල්තියාම පුරෝකථනය කිරීමට වෛද්‍යවරුන්ට හැකි වෙනවා.

විශේෂ ප්‍රයෝජන

  • කකුල් කපා ඉවත් කිරීමේ අවදානම අවම වීම: තුවාලය උත්සන්න වී කකුලක් කපා දැමීමට සිදු වීමට පෙර නිවැරදි ප්‍රතිකාර ලබා දීමට හැකි වීම.  
  • දුර බැහැර ප්‍රදේශවලට පහසුවක්: විශේෂඥ වෛද්‍ය පහසුකම් නැති දුර බැහැර ගම්මානවල වෙසෙන අයටද මෙය ඉතා පහසුවෙන් භාවිත කළ හැකියි. විශේෂ පුහුණුවක් නොමැති වෛද්‍ය කාර්ය මණ්ඩලයකට වුවද මෙය භාවිත කළ හැකියි.
  • ඉක්මන් ප්‍රතිකාර: පළමු හමුවේදීම තුවාලයේ තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන ඉක්මන් මැදිහත් වීම් සිදු කළ හැකි වීම.

දැන් මෙම තාක්ෂණය වික්ටෝරියාහි සායනවල පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින අතර, ඉදිරියේදී එය ගෝලීය වශයෙන් භාවිතයට ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. දියවැඩියා රෝගීන්ට මුහුණ දීමට සිදුවන ජීවිතයේ බරපතලම අවදානමින් බේරීමට මේක බොහෝ උදව් වෙනවා. 

Don't forget to share this post!

Recent Posts