Economy Ticket එකකට Business Class පහසුව? ලෝක ප්‍රසිද්ධ airline එකක් කරන අලුත් වැඩේ

ලෝකයේ විශාලම ජාත්‍යන්තර ගුවන් සේවය වන Emirates, Economy class ගමන් කරන මගීන්ට ගුවන් ගමන වඩාත් සුවපහසු කරවන අලුත්ම දෙයක් හඳුන්වා දීමට සූදානම් වෙනවා.

ඒ, සියලුම A350 ගුවන් යානා සහ A380 හා Boeing 777 යානා බහුතරයක economy seats සඳහා අලුත් ‘U-Dream Headrest’ හඳුන්වා දීමත් සමඟයි.

දිගු දුර ගමන්වලදී මගීන්ට පහසුවෙන් නින්දට යාමට සහ විවේක ගැනීමට හැකි වන පරිදි, බෙල්ලට සහ හිසට සම්පූර්ණ සහයෝගයක් ලබා දීමට සකස් කළ multi-way adjustable සකස් කළ හැකි headrest එකක් ලෙස මෙම ‘U-Dream’ හඳුන්වා දී තිබෙනවා.

මෙය ‘Safran Seats’ ආයතනයේ Z400 ආසනවලට එකතු කරන ලද විශේෂ අංගයක්. මෙහි ඇති නම්‍යශීලී side wings ඇතුළට නැමීමෙන් හිස සහ බෙල්ල හොඳින් රඳවා ගත හැකියි. මේ නිසා මගීන්ට හිස ඉදිරියට හෝ දෙපැත්තට නැමීමකින් තොරව සුවපහසු ලෙස නිදා ගැනීමට හැකි වෙනවා.

එමෙන්ම, විවිධ උසින් සහ ශරීර ප්‍රමාණයන්ගෙන් යුත් මගීන්ට ගැලපෙන පරිදි මෙය ඉහළට පහළට හැරවීමට සහ ඇල කිරීමට හැකියාව තිබෙනවා. දිගු දුර ගමන් යන මගීන්ට මෙය ලොකු සහනයක් වේවි.

 

අසමසම සේවා අත්දැකීමක්

මෙම නව headrest එක හරහා economy passengersලාට සාමාන්‍යයෙන් Premium Cabins වල පමණක් ලැබෙන මට්ටමේ ergonomic පහසුකම් ලබා දීමට Emirates බලාපොරොත්තු වෙනවා..

මීට අමතරව, දැනටමත් ක්‍රියාත්මක වන නොමිලේ ලබා දෙන අධිවේගී Starlink wi-fi පහසුකම්, ඉඩකඩ සහිත ආසන, mood lighting සහ personal entertainment screens වැනි අංග සමඟ මෙම නව එකතු කිරීම මගීන්ගේ ගමන තවත් සුව පහසු කරනවා.

අලුත්ම Airbus A350 යානාවල මගීන්ට 3-3-3 ආකාරයේ ඉඩකඩ සහිත ආසන, අඟල් 13.3 ක 4K තිර, USB-C charging සහ උසස් තත්ත්වයේ මෙම අලුත්ම multi-dimensional adjustable headrests අත්විඳීමට අවස්ථාව ලැබී තිබෙනවා.

 

මේවා ලබා දෙන්නේ කවදා සිටද?

මේ පිළිබඳව අදහස් දක්වමින් Emirates ගුවන් සේවයේ සභාපති Sir Tim Clark මහතා සඳහන් කළේ මෙවැන්නක්.

2026 අවසාන වන විට Emirates හි සියලුම A350 ගුවන් යානාවල මෙම U-Dream headrest එක ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, Emirates විසින් ඇණවුම් කර ඇති Boeing 777X යානා 270කද මෙය මුල සිටම සවි කෙරෙනවා. 2027 සිට අලුතින් retrofit කරන ලද Airbus A380 සහ Boeing 777 යානාවලද මෙම headrest සවි කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

Don't forget to share this post!

Recent Posts