ප්‍රධාන පෙළේ budget airline එකක් වන Jetstar ආයතනය ගෙනාපු අලුත්ම තීරණයත් එක්ක එහි ගමන් කරන මගීන්ට නම් ටිකක් වැඩිපුර වියදම් කරන්න වෙයි වගේ. ලබන වසරේ (2027) පෙබරවාරි මාසේ ඉඳන්, ගුවන් යානය තුළ overhead locker වල carry-on luggage එක දමාගැනීමට නම් අමතර ගාස්තුවක් ගෙවන්න වෙනවා කියල Jetstar සමාගම නිවේදනය කරලා තියෙනවා.
වෙනස් වෙන්නේ කොහොමද?
මීට පෙර නොමිලේ ලබාදුන්න 7kg ක carry-on allowance එක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටයි සමාගම සූදානම් වෙන්නේ.
නොමිලේ ගෙන යා හැක්කේ අසුන යටින් තබාගත හැකි backpack, handbag හෝ laptop bag වැනි කුඩා බෑගයක් පමණයි. ඒකෙ ප්‍රමාණය 40x30x20cm විය යුතුයි. ගේට්ටුව ළඟදී bags කිරලා බලන එක මගීන්ට වගේම කාර්ය මණ්ඩලයටත් ලොකු හිසරදයක් වෙලා තිබුණ නිසා, ඒ බර මැනීමේ ක්‍රමය වෙනුවට ප්‍රමාණය පදනම් කරගත් ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ වගේම 7kg බර සීමාවත් ඉවත් කරලා තියෙනවා.
ගාස්තු අය කරන හැටි
උඩ ලොකර් එකේ බෑගයක් දමාගන්න අවශ්‍ය නම්, දේශීය ගුවන් ගමනකදී මේ සඳහා අය කෙරෙන ගාස්තුව $25 ක සිට ආරම්භ වන අතර, Cairns සහ Tokyo අතර ජාත්‍යන්තර ගමනක් සඳහා එය $52ක් තරම් ඉහළ අගයක් ගත හැකියි.
මගීන්ගෙන් සහ විශේෂඥයන්ගෙන් විවිධ මත
මෙම අලුත් නීතිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළේදී මගීන්ගෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. ඇතැමුන් මෙය සැහැල්ලුවෙන් ගමන් කරන මගීන්ට වාසියක් වේවි යැයි පැවසූවත්, තවත් පිරිසක් සඳහන් කළේ මෙය තවත් සල්ලි කඩාගැනීමේ ක්‍රමයක් පමණක් බවයි.
ඇතැමුන් පවසන්නේ, ගේට්ටුව ළඟදී බෑගය බර බලයිද කියන බිය නැති වී යාම හොඳ දෙයක් වුණත්, බොහෝ දෙනා මෙය මුදල් ගැරීමේ උපක්‍රමයක් ලෙස දකින බවයි. කෙසේ වෙතත්, Jetstar ප්‍රධාන විධායක නිලධාරිනී Stephanie Tully පවසන්නේ මෙමඟින් flights වලට හරි වෙලාවටම ගමන් ආරම්භ කරීම පහසු වන බවත්, මගීන්ට තමන්ට අවශ්‍ය දේ සඳහා පමණක් මුදල් ගෙවීමට මෙයින් අවස්ථාව ලැබෙන බවයි.
පෙබරවාරි 2 වන දිනට පෙර දැනටමත් වෙන්කරවා ගැනීම් කර ඇති මගීන්ට කිසිදු අමතර මුදලක් නොමැතිව මෙම Priority Carry-on පහසුකම හිමිවන බවද සමාගම වැඩිදුරටත් දන්වා සිටිනවා.
Image credit: www.magic1059.com.au