ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත හැකි සේවාවන් ගැන අපි දිගින් දිගටම කතා කළා.
ඒ යටතේ අපි කිව්වා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා DRIVER LICENCE එක සම්බන්ධව ලබාගත හැකි සේවාවන් මොනවද, ඒ සේවාවන් ලබාගැනීම සඳහා අයදුම් කරන්නේ කොහොමද, අවශ්‍ය වෙන Supporting Documents මොනවද කියන එක. අද අපි බලමු මේ සේවාවන් ලබාගැනීමට වැය වෙන ගාස්තු ගැන.
ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකාවේ Driving Licence එක අලුත් කරගන්න පුළුවන්ද?
ලංකාවේ Driving License එක ඕස්ට්‍රේලියාවේ සිටම Renew කරගන්න! අවශ්‍ය Documents මෙන්න!
ගෙවීම් සම්බන්ධ විස්තර (Payment)
ඔයා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ Driver Licence එක renew කරන්න, නැතිවුණ Driver Licence එක වෙනුවට Duplicate එකක් ලබාගන්න, නැත්නම් personal details වල වෙනස්කමක් කරගන්න යනවනම් මේ ගාස්තු අදාළ වෙනවා.
කවුන්ටරය වෙත පැමිණ ගෙවීම් සිදු කරනවා නම්;
ප්‍රධාන ගාස්තු
බලපත්‍රය අලුත් කිරීම, අස්ථානගත වූ ඒවා ලබා ගැනීම (duplicates) හෝ නම වෙනස් කිරීම සඳහා ගාස්තුව: AUD 150
නම සත්‍යාපනය කිරීමේ ගාස්තුව (Verification of Name): AUD 64
අමතර ගාස්තු
අයදුම්පත භාර දෙන අවස්ථාවේදී රියදුරු බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම් (අලුත් කිරීම්, duplicates සහ නම වෙනස් කිරීම් සඳහා), වසරකට AUD 15 ක අමතර ගාස්තුවක් අය කෙරෙනවා. කෙසේ වෙතත්, සෑම කාණ්ඩයකම කල් ඉකුත් වීමේ දිනයන් මත පදනම්ව මෙම ගාස්තුව විවිධ කාණ්ඩ සඳහා වෙන වෙනම අය කරනවා.
ගෙවීම් ක්‍රම සහ කොන්දේසි
- අයදුම්පත භාර දෙන අවස්ථාවේදීම ගෙවීම් සිදු කළ යුතු අතර, reference සඳහා රිසිට්පත සුරක්ෂිතව තබා ගත යුතුයි.
- ගෙවීම් කළ හැක්කේ Debit Cards මඟින් පමණයි. Tap & Pay පහසුකම් නැහැ.
- Personal/Company cheques සහ Credit Cards භාර ගන්නේ නැහැ.
- කිසිම ගෙවීමක් ආපසු ගෙවන්නේ නැහැ.(non-refundable).
- රියදුරු බලපත්‍රය verify කිරීමේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එය අනුමත නොකළහොත්, එම ගාස්තුව ආපසු ලබා දෙන්නේ නැහැ.
South Australia වල සිටින අයදුම්කරුවන් සඳහා
අදාළ ගාස්තුව, Honorary Consul විසින් සහතික කරන ලද අයදුම්පත සමඟ “Consulate General of Sri Lanka in Melbourne” නමට සකස් කරන ලද Postal Money Order (Australia Post) එකක් මඟින් හෝ bank draft එකක් මඟින් එවිය යුතුයි.
අයදුම්පත සකස් කිරීමෙන් පසු receipt එකේ scanned copy එකක් අයදුම්කරුට email එකක් මඟින් එවනවා.