මේ අපි කියන්න හදන්නේ 2026 Rugby League World Cup එක නරඹන්න ඕස්ට්‍රේලියාවට එන්න ලබාදෙන visa ගැන වගේම New Zealand සහ Papua New Guinea වෙත යාමට ලබාගත යුතු visa ගැන.
ඔයා Rugby League World Cup එක නරඹන්නම ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්නවනම්, එහෙමත් නැතනම් ඔයා දන්නා වෙනත් කෙනෙක් මේ සඳහා ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නවනම්, ඒ එන පුද්ගලයට වලංගු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් තියෙන්නම ඕනේ.
ක්‍රීඩාලෝලීන්ට ගැලපෙන විවිධ වීසා වර්ග තිබෙන අතර, ඒ සඳහා අවශ්‍ය වීසා වර්ගය තීරණය වෙන්නේ පහත කරුණු මතයි:
- ඔයා ඔස්ට්‍රේලියාවේ කොපමණ කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවාද?
- ඔයා එක වරකට වඩා ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට සැලසුම් කරනවාද?
- ඔයාගේ passport එක අයත් වන රට මොකක්ද?
- ඔයා මේ රටේ සිටින කාලයේදී කරන්නේ මොකක්ද?
Australian visas ගැන වැඩි විස්තර https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-finder හරහා බලාගන්න පුළුවන්. මේ දිනවල වැඩි visa applications ප්‍රමාණයක් සකස් කරමින් පවතින නිසා, ඔයාගේ visa application එක ඉක්මනින් සකස් කරගැනීමට නම් යවන්න පෙර හොඳින් පරීක්ෂා කර එක් වරක් පමණක් ඉදිරිපත් කරන්න.
New Zealand සහ/හෝ Papua New Guinea යනවනම්
ඔයා තරග නරඹන්න නවසීලන්තයට හෝ පැපුවා නිව්ගිනියාවට යන්න plan කරලා නම් ඉන්නේ, ඒ රටවලට යන්නත් අදාළ visa බලපත්‍රයක් අවශ්‍ය වෙනවා.
නවසීලන්තය: නවසීලන්ත වීසා සහ NZeTA පිළිබඳ විස්තර නවසීලන්ත Immigration New Zealand වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන් 👇
https://www.immigration.govt.nz/new-zealand-visas/visas/visa/visitor-visa
පැපුවා නිව්ගිනියාව: එරට වීසා අවශ්‍යතා පිළිබඳ තොරතුරු පැපුවා නිව්ගිනියා Immigration & Citizenship Service Authority එකේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා 👇
Transit visa requirement
නවසීලන්තය හෝ පැපුවා නිව්ගිනියාව ඇතුළු වෙනත් රටකට යන අතරතුර, ඔස්ට්‍රේලියාව හරහා වෙනත් රටකට ගමන් කරන ක්‍රීඩාලෝලීන්ට Transit visa බලපත්‍රයක් අවශ්‍ය විය හැකියි. ඒ නිසා ගමන් කිරීමට පෙර අදාළ සංක්‍රමණ අවශ්‍යතා ගැනත් නිවැරදිව පරීක්ෂා කර බලන එක වැදගත්.