$200න් මනුස්සයෙක් අලුතෙන්ම හදන්න පුළුවන්ද? මනුෂ්‍ය ශරීරයේ ඇත්තම වටිනාකම මෙන්න!

අපේ ශරීරය මුල සිට අලුතෙන්ම හදාගන්න ගියොත් කොච්චර මුදලක් යයිද? පුදුමය කියන්නේ, වියදම හිතන තරම් ලොකු නැහැ!  හිතන තරම් වැඩේ සරලත් නැහැ! ඉතින් අද අපි කියන්නේ ඒ ගැන.

සාමාන්‍ය 70kg ක බර වැඩිහිටි ශරීරයක අඩංගු මූලද්‍රව්‍ය (elements) බැලුවොත්; 

  • ඔක්සිජන් 46kg ක්
  • කාබන් 13kg ක් 
  • හයිඩ්‍රජන් 7kg ක් 
  • නයිට්‍රජන් 2kg ක් සහ 
  • කැල්සියම් 1kg ක් වගේම 
  • පොස්පරස්, සල්ෆර්, පොටෑසියම්, මැග්නීසියම් වගේ තවත් දේවල් ස්වල්පයක් තියෙනවා.

ප්‍රකට කර්තෘ Bill Bryson තමන්ගේ ‘The Body’ කියන පොතේ කියන විදිහට, මේවායේ පිරිසිදුම රසායනික ස්වරූපයෙන් ගත්තොත් මුළු වටිනාකම $210,000 කට වඩා වැඩියි. හැබැයි, ඔයා මේවා තනියම මූලික ද්‍රව්‍ය පාවිච්චි කරලා හදාගන්න ලෑස්ති නම්, ගාන නම් මීට වඩා ගොඩක් අඩුයි!

 

ගෙදරදීම මනුෂ්‍යයෙක් හදාගන්නෙ කොහොමද? 

ජලය සහ ඔක්සිජන්/හයිඩ්‍රජන්: ලීටර් 52ක වතුර ප්‍රමාණයක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් ලබාගන්න පුළුවන්. වතුර නම් නොමිලේම වගේ ලැබෙනවනේ. සාමාන්‍ය electrolysis ක්‍රමයකින් මේවා වායූන් ලෙස වෙන් කරගන්නත් පුළුවන්.

කාබන්: කඩෙන් ගන්න පුළුවන් හොඳ තත්ත්වයේ අඟුරු (charcoal) බෑගයකින් කාබන් ටික ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒකට යන්නේ $100ක් වගේ මුදලක්.

නයිට්‍රජන් සහ සල්ෆර්: 10kgක ඇමෝනියම් සල්ෆේට් පොහොර බෑගයක් අරන් $45 කට වගේ මේ අවශ්‍යතාවය පිරිමසා ගන්න පුළුවන්.

අනිකුත් සුළු මූලද්‍රව්‍ය ටිකත් එකතු කළාම, මේ ඔක්කොම අමුද්‍රව්‍යවල එකතුව $200 ට වඩා අඩු ගානකට ගොඩදාන්න පුළුවන්!

 

හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මෙතනයි…

මිනිස්සු කියන්නේ නිකම්ම මූලද්‍රව්‍ය එකතුවක් විතරක් නෙවෙයිනේ. අපි හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් වගේ සංකීර්ණ කාබනික අණු හෙවත් organic molecules වලින්. මේවා රසායනිකව සංස්ලේෂණය කරලා හදනවා කියන්නේ අර අමුද්‍රව්‍යවල මිල වගේ දහස් ගුණයක් වියදම් වෙන වැඩක්!

 

ශක්තියෙන් මනුෂ්‍යයෙක් හදනවා නම්? 

ද්‍රව්‍ය සහ ශක්තිය කියන්නේ එකිනෙකට interchangeable දෙයක්නේ. Large Hadron Collider වගේ particle accelerator එකක් පාවිච්චි කරලා ශුද්ධ ශක්තියෙන් අණු හදන්න පුළුවන් නම් පුළුවන්. හැබැයි 70kgක බරක් හදන්න මුළු ලෝකයක්ම අවුරුද්දකට පාවිච්චි කරන විදුලිබලය වගේ 70 ගුණයක් (1.75 trillion kilowatt hours) විතර ඕන වෙයි!

කොහොම බැලුවත්, ස්වභාදහම නිර්මාණය කරපු මේ ශරීරය කියන්නේ මැන බලන්න බැරි තරම්ම විශ්මිත නිර්මාණයක්.

Don't forget to share this post!

Recent Posts