ඊයේ Census Night එක මගහැරුණද?
ඔයාට ඒක මඟ ඇරුණා කියලා බය වෙන්න එපා. ඔයාට තාමත් කිසිම දඩයකින් තොරව census form එක පුරවන්න පුළුවන්!
අගෝස්තු 11 වෙනිදා තමයි Census night එක යෙදී තිබුණේ. හැබැයි ඒ දිනේම හැමෝම ඒක කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ, අගෝස්තු 11 වෙනිදා රාත්‍රියේ ඔයා සිටියේ කොහේද කියන එක තමයි මේ ප්රශ්නාවලියෙන් අසන්නේ. හැකි ඉක්මනින් මේක සම්පූර්ණ කරන එක තමයි හොඳම දේ.
Census එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේද?
ඔව්, Census and Statistics Act 1905 යටතේ Census එකට සහභාගී වීම අනිවාර්යයි.
ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන්, සංචාරකයින්, වීසා දරන්නන් සහ ළදරුවන් ඇතුළු සෑම කෙනෙක්ම වගේ මේකට ඇතුළත් විය යුතුයි. හැබැයි, ඔයාගේ නිවසේ වෙනත් කෙනෙක් ඔයාවත් එයාලගේ පවුලේ form එකට ඇතුළත් කරලා තියෙනවා නම්, ඔයාට වෙනම form එකක් පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
තමන්ගේ විස්තර ගෙදර අයදකිනවට අකමැති නම්, 1800 181 227 අංකයට කතා කරලා වෙනම form එකක් fill කරන්න census number එකක් ඉල්ලා ගන්නත් පුළුවන්.
Census එක නොකළොත් දඩ නියම වෙනවද?
ටිකක් පරක් වුණා කියලා එකපාරටම දඩ ගහන්නේ නැහැ.
ABS (Australian Bureau of Statistics) එකෙන් මුලින්ම කරන්නේ මතක් කරවීම් කරලා ඔයාව ස්වේච්ඡාවෙන් ඒක කරන්න දැනුවත් කරන එකයි.
ඒකටත් ප්‍රතිචාර දැක්වූයේ නැත්නම්, Census එක කරන්න කියලා ලියකියවිලි මඟින් නීතිමය උපදෙසක් (written direction) එවිය හැකියි.
ඒ නීතිමය උපදෙසත් පැහැර හැරියොත් නඩු පවරා, දිනකට $364ක් දක්වා දඩ මුදලකට යටත් වෙන්න සිදු වෙන්න පුළුවන්.
ඒ වගේම, Census එකේදී වැරදි හෝ නොමඟ යවන සුළු තොරතුරු ලබා දුන්නොත් $3,640ක් දක්වා දඩයකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්.
ඔයාගේ තොරතුරු ආරක්ෂිතයිද?
Census එකට දෙන පෞද්ගලික තොරතුරු සම්පූර්ණයෙන්ම රහසිගතයි වගේම නීතියෙන් ආරක්ෂා කරලා තියෙනවා.
Home Affairs, ATO හෝ Centrelink වැනි වෙනත් කිසිදු government agency එකකට ඔයා ලියපු දේවල් බලන්න බැහැ. ABS එක දැඩි ආරක්ෂක ක්‍රම සහ ශක්තිමත්ම encryption තාක්ෂණය පාවිච්චි කරලා ඔයාගේ දත්ත ආරක්ෂා කරනවා.
Census එක කරන්නේ කොහොමද?
ඔයාට ABS census website එක හරහා online හෝ Paper form එකක් මඟින් මේක කරන්න පුළුවන්.
ඔයාගේ ගෙදරට ආව ABS ලියුම් කවරයේ Census number එක සහ තාවකාලික Password එකක් සඳහන් වෙලා ඇති.
ඒක නැති වුණත්, census website එකට ගිහින් ඔයාගේ mobile phone number එක දුන්නොත්, ABS එකෙන් text එකක් හරහා one-time PIN එක සහ census number එක ලබා ගන්න පුළුවන්.
වැඩි විස්තර හෝ උදව් අවශ්‍ය නම් 1800 181 227 අංකයෙන් Census Contact Centre එකට කතා කරන්න.
ඉතින් ඊයේ දවස මගහැරුණා නම් තවත් පරක්කු වෙන්නේ නැතුව, පුළුවන් ඉක්මනින් Census එක කරලා දාන්න!