ඔස්ට්‍රේලියාවේ food delivery සහ grocery deliver කරන අයට, ඒ කියන්නේ Uber Eats, DoorDash වගේ apps හරහා වැඩ කරන gig workers ලාට, වාසි වෙන විදිහේ අලුත් නීති කහිපයක් Fair Work Commission එකෙන් අලුතින් ගෙනල්ලා තියෙනවා. මේ අලුත් නියෝගත් එක්ක අපේ අයගේ රස්සා ටික තවත් සුරක්ෂිත වෙනවා වගේම සාධාරණ වැටුපකුත් ලැබෙනවා!
අගෝස්තු 17 වෙනි සඳුදා සිට ක්‍රියාත්මක වන මෙම අලුත් නීති රීතිවල ප්‍රධාන කරුණු කිහිපයක් අපි බලමු.
පැයකට අවම වැටුප
දැන් ඩිලිවරි කරන අයට ඕඩර් එකක් භාරගත් මොහොතේ සිට එය ඩිලිවර් කර අවසන් වන තෙක් වන engaged time එකට අදාළව පැයකට අවම වැටුපක් ලැබෙනවා. වාහන වර්ගය අනුව මේ ගාණ වෙනස් වෙනවා:
Bicycles / e-bikes: පැයකට $31.30
Motorbikes: පැයකට $31.80
කාර් (Cars): පැයකට $32.00
Platforms දින 21 කට වරක් මේක ගණන් බලා, කෙනෙකුට ලැබිය යුතු අවම මුදලට වඩා අඩු වී තිබෙනම්, ඒ වෙනස පියවා ගැනීමට අමතර top-up amount එකක් ගෙවන්න ඕනේ.
රක්ෂණ සහ ආපදා ආවරණ
මීට කලින් මේ අය ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් හෙවත් independent contractorsලා විදිහට සලකපු නිසා හැමෝටම නිසි රක්ෂණ ආවරණ ලැබුණේ නැහැ. ඒත් දැන්;
වැඩ කරන අතරතුර සිදුවන අනතුරු සඳහා personal accident insurance එකක් සම්පූර්ණයෙන්ම සමාගම් විසින් ලබා දිය යුතුයි.
ඩිලිවරි කරන වාහන සඳහා අවශ්‍ය CTP (compulsory third-party) රක්ෂණය තමන් විසින් පවත්වාගෙන යා යුතු අතර, ඒ බව රක්ෂණ සමාගමටත් දැනුම් දිය යුතු වෙනවා.
වෙනත් අයිතිවාසිකම් සහ පහසුකම්
වැඩ අතරතුර විවේකයක්
ඩිලිවරි කරන අයට තමන්ට අවශ්‍ය වෙලාවට වැඩවලින් ඉවත් වී unpaid time away එකක් ගැනීමට අයිතිය තියෙනවා.
විශේෂ පැමිණිලි ක්‍රමයක්: වැඩ කරන අතරතුර මතුවන ගැටලු විසඳා ගැනීමට feedback forum එකක් සකස් කරනු ලබන අතර, විසඳාගත නොහැකි ගැටලු Fair Work Commission එකට යොමු කරන්නත් පුළුවන්.
මීට කලින් 2023 දී Uber සහ DoorDash වගේ සමාගම් මේ වගේ නීති ආවොත් රස්සා නැති වෙයි, food price වැඩි වෙයි කියලා බය වුණත්, දැන් ඒ අයත් මේකට එකඟ වෙලා Transport Workers’ Union (TWU) එකත් එක්ක එකතු වෙලා වැඩ කරගෙන යනවා. මේක නම් ඔස්ට්‍රේලියාවේ gig economy එකේ ලොකු පෙරළියක්!