Paulineට එරෙහිව සිසුන් පාරට බැස්සේ ඇයි?

‘One Nation’ පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonට විරෝධය පළ කරමින් ඕස්ට්‍රේලියාව පුරා විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් දහස් ගණනක් අද දින පන්ති වර්ජනය කරමින් වීදි බැස්සා.

National Union of Students (NUS) විසින් මෙහෙයවන ලද “Students Say No To Hanson” මැයෙන් යුත් මෙම විරෝධතා හේතුවෙන් Sydney, Melbourne, Brisbane, Canberra, Adelaide, Perth, Wollongong සහ Newcastle යන නගරවල දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් විරෝධතා වලට එක්ව සිටියා.

මෙල්බර්න් නගරයේ CBD එකට රැස්වූ සිසුන් “no to Hanson”, “We need diversity” සහ “We’re skipping our lessons to teach you one” ආදී වැකි සඳහන් පුවරු දක්වමින් විරෝධතාවයේ නියෙලනු දක්නට ලැබුණා. සිඩ්නි නගරයේ ප්‍රධාන පෙළපාලි Town Hall අසලදී පැවැත්වුණා.

 

සිසුන් වීදි බැසීමට හේතුව මොකක්ද?

සිසුන් පවසන පරිදි, පෝලීන් හැන්සන් සහ One Nation පක්ෂයේ ප්‍රතිපත්ති තරුණ තරුණියන්ගේ සහ සිසුන්ගේ අනාගතයට දැඩි ලෙස අහිතකර ලෙස බලපානවා.

කෙසේ වෙතත්, මෙම විරෝධතාවයට පාසල් වේලාවන් තුළ සහභාගී වීම සම්බන්ධයෙන් ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Jason Clare සිය අප්‍රසාදය පළ කළා. “කෙනෙකුට විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් සති අන්තයේ එය කළ හැකියි. නමුත් පාසල් යන වෙලාවට මම බලාපොරොත්තු වන්නේ දරුවන් පාසලේ ඉඳන් ඉගෙන ගන්නවා දකින්නයි” යැයි ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණා.

“පාසල්වලින් උගන්වන්න ඕනේ හිතන්නේ කොහොමද කියලා මිසක්, හිතන්න ඕනේ මොනවද කියලා නෙවෙයි” යනුවෙන් හැන්සන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇති අතර එම පක්ෂයේ සාමාජිකයන් පවසන්නේ මීට සති තුනකට පෙර මෙම දරුවන් කිසිදු දේශපාලන විරෝධතාවයක් ගැන නොදැන සිටි බවත්, ගුරුවරුන් විසින් ඔවුන්ගේ හිස්වලට මේවා කවා ඇති බවයි.

 

Image credit: www.school-news.com.au

Don't forget to share this post!

Recent Posts