ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකුට Services Australia ආයතනයෙන් වැදගත් texts සහ emails ලැබී තිබෙනවා. ඒවායේ සඳහන් වන්නේ සැකකටයුතු sign-in ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ myGov ගිණුම් වෙත ඇති ප්‍රවේශය තාවකාලිකව අවහිර කර ඇති බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් nine.com.au වෙත අදහස් දක්වමින් Services Australia ආයතනය පවසා ඇත්තේ මෙය හැකර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් නොවන බවත්, එය ඔවුන්ගේ ආරක්ෂක විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වීමක් පමණක් බවත්ය.
ඇතැම් පරිශීලකයින්ට ලැබුණු email පණිවිඩයක දැක්වෙන්නේ user credentials වැරදි ලෙස වාර ගණනක් ඇතුළත් කර ඇති නිසා ගිණුම තාවකාලිකව අවහිර කර ඇති බවයි.
account එක lock කර ඇති කාලය තුළ, ඔබට Digital ID හෝ passkey මඟින් sign in වීමට නොහැකියි.
ඇත්තටම මෙතන සිද්ධ වුණේ මොකක්ද?
Services Australia හි සාමාන්‍යාධිකාරී Hank Jongen පැහැදිලි කළේ myGov හැකර් ප්‍රහාරයකට ලක්වී නැති බව සහ වේදිකාව තවදුරටත් ආරක්ෂිතව පවතින බවයි.
පසුගිය වෙනත් data breaches මඟින් සොරකම් කරන ලද email addresses සහ password combinations භාවිතා කරමින් වංචාකරුවන් පුද්ගලික ගිණුම්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කරන credential-stuffing ප්‍රහාරයන් මෙහිදී සිදුවී තිබෙනවා.
මෙවැනි අසාමාන්‍ය ක්‍රියාකාරකම් හඳුනාගත් විට, ගිණුම ආරක්ෂා කර ගැනීම සඳහා automated safeguards මඟින් ගිණුම තාවකාලිකව lock කිරීම හෝ sign-in options කිහිපයක් අක්‍රීය කිරීම සිදුකරනවා.
ගිණුම නැවත ලබා ගන්නේ කෙසේද?
අවහිර වූ ගිණුමට නැවත access ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට ඇත්තේ Services Australia විසින් email මඟින් ලබා දෙන recovery instructions දැඩි ලෙස පිළිපැදීම පමණයි.
මෙම අවස්ථාවේදී ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවනවා. පිවිසීම සඳහා direct links අඩංගු කිසිදු email හෝ text එකක් myGov විසින් එවන්නේ නැති බවත් මතක තබාගන්න.
එම නිසා, නිල myGov app එක හරහා හෝ browser එකේ my.gov.au ලෙස manually type කිරීමෙන් පමණක් ආරක්ෂිතව පිවිසෙන්න.
ඔබේ ගිණුම තවත් සුරක්ෂිත කරගන්නේ කොහොමද?
ගිණුමට නැවත ප්‍රවේශ වූ පසු, එහි ඇති security review feature භාවිත කර account එකේ ආරක්ෂාව තවත් වැඩි දියුණු කරගන්නා ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිනවා..
Digital ID හෝ passkeys වැනි වඩාත් ශක්තිමත් පිවිසුම් ක්‍රම තෝරා ගන්න.
ඔබගේ email ලිපිනය හෝ ජංගම දුරකථන අංකය username ලෙස භාවිත කිරීම අක්‍රීය කරන්න. වෙනත් තැන්වලදී එම තොරතුරු කාන්දු වී ඇත්නම් මෙම ක්‍රමය නැවත සක්‍රීය නොකරන ලෙස බලධාරීන් නිර්දේශ කරනවා.
Image credit: ia.acs.org.au