ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන Qantas, මෙම වසරේ (2026) මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම domestic sale එක නිවේදනය කර තිබෙනවා. ගමනාන්ත 60ක් ආවරණය වන පරිදි මාර්ග 101ක වට්ටම් සහිත ආසන මිලියන 2කට අධික ප්‍රමාණයක් මේ හරහා ලබා දීමට නියමිතයි.
අගෝස්තු 25 වන අඟහරුවාදා රාත්‍රී 11:59 (AEST) දක්වා හෝ ටිකට්පත් විකිණී අවසන් වන තෙක් මෙම විශේෂ වට්ටම් ක්‍රියාත්මක වෙනවා.
මෙම වට්ටම් යටතේ one-way economy airfares $99කින් ආරම්භ වන අතර, Brisbane සහ Melbourne සිට Western Sydney, Launceston සිට Melbourne, Gold Coast සිට Sydney සහ Adelaide සිට Melbourne දක්වා වන නව සේවාවන් ද මීට ඇතුළත්.
මීට අමතරව Adelaide සිට Kingscote Airport (Kangaroo Island), Cairns සිට Townsville, Dubbo සිට Sydney සහ Brisbane සිට Hervey Bay දක්වා ජනප්‍රිය ගමන් මාර්ග රැසක ද ගාස්තු $99 සිට ආරම්භ වෙනවා.
Business class ආසන සඳහාත් විශේෂ වට්ටම්!
ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන්ටද මෙමඟින් වට්ටම් හිමි වෙනවා.
$269ක සිට Brisbane සිට Gladstone දක්වා සහ Brisbane සිට Rockhampton දක්වා ටිකට් ලබාගත හැකියි.
Melbourne සහ Brisbane සිට Western Sydney දක්වා සහ Sydney සිට Brisbane සහ Gold Coast දක්වා ද One-way business seats $299ක සිට ලබාගන්න පුළුවන්.
මගීන්ට ඉදිරි වසරක කාලයක් සඳහා, එනම් 2027 අගෝස්තු දක්වා සංචාරක කාලසීමාවන් සඳහා ටිකට්පත් වෙන් කරවා ගත හැකියි. මෙයට නත්තල් සහ අලුත් අවුරුදු සමය, summer school holidays, Easter school holidays, Anzac Day සහ winter school holidays ඇතුළත් වෙනවා.
මෙම වට්ටම් ප්‍රධාන නගරවලට පමණක් සීමා නොවී, regional ඕස්ට්‍රේලියාව පුරා සම්බන්ධ වන ගමන් මාර්ග ද ආවරණය කරන බැවින්, රටේ නව ප්‍රදේශ නරඹන්න කැමති අයට මෙය හොඳ අවස්ථාවක්. සියලුම ගුවන් ගාස්තු සඳහා checked baggage සහ complimentary food and beverages ඇතුළත්.
Image credit: www.qantas.com