Avengers: Doomsday බලන්න කලින් Marvel එකෙන් දුන්න ‘Homework’ list එක

Marvel සිනමා ලෝකයේ ඊළඟ විශාලතම සිනමා පටය වන Avengers: Doomsday නරඹන්න කලින් බලන්නම ඕන චිත්‍රපට සහ TV series 15 ක Watchlist එක්ක Disney+ හරහා Marvel සමාගම විසින් නිකුත් කර තිබෙනවා.

ලබන දෙසැම්බර් 18 වැනිදා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය Marvel හි ‘Phase Zero’ එකට නැවත මුල සිට යන බව පැවසුවත්, Doctor Doom ගේ පැමිණීම සහ කතාව හරියටම තේරුම් ගන්න නම් මීට පෙර ආපු නිර්මාණ කිහිපයක් නැරඹීම අනිවාර්ය බවයි ඔවුන් පවසන්නේ.

Marvel හි සමස්ත චිත්‍රපට 38 ම list එක සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් බවයි ඔවුන් කියන්නේ.

 

Marvel ඉදිරිපත් කරන නිල Watchlist එක:

  1. X-Men
  2. X2
  3. Captain America: The First Avenger
  4. The Avengers
  5. Avengers: Infinity War
  6. Avengers: Endgame
  7. Loki
  8. Shang-Chi and the Legend of the Ten Rings
  9. Spider-Man: No Way Home
  10. Black Panther: Wakanda Forever
  11. Captain America: Brave New World
  12. Deadpool & Wolverine
  13. Doctor Strange in the Multiverse of Madness
  14. Thunderbolts
  15. The Fantastic Four: First Steps

 

List එකේ විශේෂතා කිහිපයක්:

Multiverse සහ Incursions: Loki, Doctor Strange 2, සහ Spider-Man: No Way Home හරහා Multiverse සංකල්පය සහ එහි වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.

X-Men සහ Deadpool: Fox සමාගමේ පැරණි X-Men සහ X2 ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම Deadpool & Wolverine ද මෙයට එකතු කර තිබෙනවා.

Doctor Doom ට එරෙහි කණ්ඩායම්: Thunderbolts, Fantastic Four, Shang-Chi, සහ Wakanda Forever හරහා Doctor Doomට එරෙහිව එකතු වන ප්‍රධාන චරිත හඳුනාගන්න පුළුවන්.

මඟහැරුණු නිර්මාණ ගැන ප්‍රේක්ෂක අදහස්: Marvel ලැයිස්තුවට ඇතුළත් නොවුණත්, Multiverse සංකල්පයට දැඩිව සම්බන්ධ වූ The Marvels සහ X-Men: Days of Future Past වැනි නිර්මාණ මඟහැරී තිබීම ගැන සිනමාලෝලීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

කෙසේ වෙතත්, Marvel කතාවලට අලුතින් එකතුවන කෙනෙකුට වුවද, මෙම ලැයිස්තුව ඔස්සේ Avengers: Doomsday හි අත්දැකීම උපරිමයෙන් විඳගැනීමට මඟපෑදෙනු නිසැකයි!

 

Image credit: www.facebook.com/ign

Don't forget to share this post!

Recent Posts