ඕස්ට්‍රේලියාවේ අරුම පුදුම Pink Lake එක දැකලා තියෙනවද?

ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් වූ Recherche Archipelago වලට අයත් Middle Island එකේ පිහිටා ඇති Lake Hillier කියන්නේ ලෝකයේ ඇති පුදුම සහගතම ස්වභාවික නිර්මාණ වලින් එකක්. එකට හේතුව තමයි මේ විල රෝස පැහැති වීම. ලෝකයේ වගේම ඕස්ට්‍රේලියාවෙත් තිබෙන එකම රෝස පාට විල මේක නෙවෙයි.

ඒ වුණත් වෙනත් රෝස පාට විල් වගේ නෙවෙයි, වසර පුරාම කිසිදු වෙනසක් නැතිව එකම ආකාරයක bubblegum-pink පාටක් ගන්නා නිසාම මේ විල විශේෂයි.

 

ඓතිහාසික පසුබිම

මෙම විල පිළිබඳව ලෝකයට අනාවරණය වෙන්නේ 1802 වසරේදීයි. බ්‍රිතාන්‍ය නාවිකයෙකු සහ සිතියම් ශිල්පියෙකු වන Matthew Flinders දූපතේ උසම ස්ථානයට නැඟ මේ රෝස පැහැති කුඩා විල නිරීක්ෂණය කරලා ඔහුගේ සඟරාවේ සටහන් කළා.. පසුව, මෙම ගවේෂණයේදී මියගිය නාවිකයෙකු වූ William Hillier සිහිපත් වීම පිණිස විලට මෙම නම තිබ්බා..  

පස්සේ කාලෙකදී, 1889 දී විතර මෙහි ලුණු කැණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උත්සාහ කලත්, ඒ ලබාගත්ත ලුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු වීම නිසා එම ව්‍යාපෘතිය අසාර්ථක වුණා. අද වෙනකොට මේ විල කිසිදු වාණිජ කටයුත්තකට යොදාගන්නේ නැහැ..

 

විලේ අද්භූත රෝස පාටට හේතුව මොකක්ද?

සාගර ජලයට වඩා 8 ගුණයක් ලුණු සහිත මේ විලේ ජලය අසාමාන්‍ය ලෙස ලුණු සහිත වීම නිසා ක්ෂුද්‍ර ජීවීන්ට වැදෙන්න හිතකර පරිසරයක් සකස් කර දෙනවා..  

2022 දී ‘Extreme Microbiome Project’ හි විද්‍යාඥයන් විසින් මෙහි ජලය විශ්ලේෂණය කර සොයාගත්ත විදිහට, මේ වර්ණයට මුල්ම හේතුව වෙලා තියෙන්නේ විශේෂ ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙක්;  

Dunaliella salina හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා carotenoids නම් රතු පාට වර්ණකයක් නිපදවනවා.. මේක  කැරට්වල පවා අඩංගු වෙන වර්ණකයක්.

Salinibacter ruber: තැඹිලි-රතු පැහැයක් මවන බැක්ටීරියාවක්. මෙම ක්ෂුද්‍ර ජීවීන් සහ අධික ලුණු අතර ඇතිවන ක්‍රියාවලිය හේතුවෙන් මෙම අපූරු වර්ණය නිර්මාණය වෙනවා..

විශේෂම කරුණ නම්, මෙම විලේ ජලය වීදුරු භාජනයකට ගත්තත් එහි රෝස පාට කිසිසේත් මැකී යන්නේ නැහැ.

 

විලේ විශේෂතා සහ සංචාරක ආකර්ෂණය

විශාලත්වයෙන් කුඩා වීම: දිගින් මීටර් 600ක් සහ පළලින් මීටර් 250ක් පමණ වන මෙම විල විශාලත්වයෙන් ඉතා පොඩියි. ඒ වගේම මෙහි විවිධ මත්ස්‍ය විශේෂ ජීවත් වෙන්නෙත් නැහැ.

සුන්දර වර්ණ සංකලනය: විල වටකර eucalyptus සහ paperbark වන ආවරණයක් පිහිටා ඇති අතර, එයට යාබදව පවතින නිල් පැහැති සාගරය සමඟ එකතු වූ විට පෙනෙන දර්ශනය ඉතාම වර්ණවත්.

නාන්න පුළුවන්: විලේ ජලය මිනිස් සමට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වන අතර, කිසිදු උවදුරක් නැහැ. එහෙත්, මෙය දැඩි ලෙස ආරක්ෂා කරන ස්වභාවික රක්ෂිතයක් නිසා සාමාන්‍ය සංචාරකයින්ට දූපතට ගොඩබසින්නට අවසර නැහැ..  

 

නරඹන ආකාරය

Esperance නගරයේ සිට ක්‍රියාත්මක වන කුඩා scenic flights මඟින් ඉහළ සිට මෙම අපූරු දර්ශනය නැරඹීමට සංචාරකයන්ට හැකියාව තියෙනවා.. 

 

Image credit: https://www.instagram.com

Don't forget to share this post!

Recent Posts