ඕස්ට්‍රේලියාවේ පාර අයිනේ ගස්වලින් පලතුරු කඩන්න තහනම්ද?

ඕස්ට්‍රේලියාවේ suburbවල ඇවිදින විට, පාරට මායිම් වූ වතුවල හෝ ගෙවල් ඉදිරිපිට කරපිංචා, දෙහි, තක්කාලි වැනි පලතුරු සහ එළවළු වවලා තියෙනවා ඔයත් දැකලා ඇති.

දුටු සැනින් ඒවා කැඩීමට සිතුණත්, අන් සතු ඉඩමකින් හෝ පාර අයිනේ වගාකර ඇති ගසකින් හිමිකරුගේ අවසරයකින් තොරව පලතුරු/එළවළු කඩාගැනීම නීති විරෝධී ක්‍රියාවක්!

 

නීතිය මොකක්ද?

බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle නගර සභාවේ ආරක්ෂක අංශ ප්‍රධානී Jarrad Duggan පෙන්වා දෙන්නේ අන් අයගේ වතු වලින් පලතුරු කැඩීම සොරකමක් (Theft / Stealing) ලෙස සැලකිය හැකි බවයි.

අයිතිකරුගේ අවසරයක් නැතිව වෙනත් අයෙකුගේ ඉඩමකට ඇතුළු වීම සහ එහි ඇති දේ ලබාගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි.

පාර මායිම හෝ ඉදිරිපිට භූමිය නගර සභාවට (Council) අයත් වුවද, එම ස්ථානයේ වගාකර ඇති දේ කැඩීමට නගර සභාවෙන් නොව, එම නිවසේ පදිංචිකරුගෙන් අනිවාර්යයෙන්ම අවසර ගත යුතුයි.

 

දෙයක් කඩාගන්න හරිම විදිහ මොකක්ද?

අවසර ලබාගැනීම: ඔබට පලතුරු අවශ්‍ය නම් නිවසේ දොරට තට්ටු කර අයිතිකරුගෙන් විමසන්න, නැත්නම් polite note එකක් තබා යන්න.

ගසට හානි නොකිරීම: අවසර ලැබුණද ගසට හානි නොවන ලෙස සහ ඔබට අවශ්‍ය ප්‍රමාණය/අයිතිකරු ලබාදෙන ප්‍රමාණය පමණක් කඩාගන්න.

‘Free’ ලෙස සඳහන් කර ඇත්නම් පමණක් ගන්න: ඇතැම් නිවැසියන් අතිරික්ත පලතුරු පෙට්ටිවල දමා පාර අයිනෙන් තබා “Free” ලෙස සඳහන් කර තියෙනවා. එවැනි අවස්ථාවලදී පමණක් අවසරයකින් තොරව ලබාගන්න පුළුවන්.

 

ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් තමන්ගේ වත්තේ අතිරික්ත පලතුරු අන් අය සමඟ බෙදාගැනීමට කැමතියි. නමුත් නීතිමය ගැටලුවලින් බේරීමට සහ හොඳ අසල්වැසි සබඳතාවක් පවත්වා ගැනීමට සෑම විටම “කඩන්න කලින් අහන්න” නීතිය මතකයේ තබාගන්න.

Don't forget to share this post!

Recent Posts