2027 ඕස්ට්‍රේලියානු ආර්ථිකය! AI නිසා Jobs වල අනාගතයට මොනවා වෙයිද?

2027 වසරේ ආර්ථිකය (economic outlook) ඉතා අභියෝගාත්මක එකක් වනු ඇති බවට  සලකුණු මේ වන විටත් පහළ වෙමින් තිබෙනවා. දැවැන්ත ආයතන සහ තාක්ෂණික පෙරළි දෙස බැලීමේදී සාමාන්‍ය සේවකයින්ට (ordinary workers) මෙම ආර්ථික කම්පනයන්ගේ සම්පූර්ණ බර දැරීමට සිදුවන බව  පැහැදිලියි.

Reserve Bank of Australia (RBA) හි අධිපති Michele Bullock වසරකට ඩොලර් මිලියන 1.22ක පමණ වැටුපක් ලබනවා. නමුත් ඇය සිය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සැබෑ වැටුප් කප්පාදුවකට (real wage cut) එකඟ වන ලෙසයි. දැනට උද්ධමනය (inflation – CPI) 4% ක් පමණ මට්ටමක පවතින විට සේවකයින්ට ලබා දීමට යෝජනා කර තිබුණේ 3.7% ක වැටුප් වැඩිවීමක් පමණයි. ජීවන වියදමට සරිලන වැඩිවීමක් නොමැති බැවින් මෙය ප්‍රතික්ෂේප කිරීමට RBA සේවකයින් කටයුතු කර තිබෙනවා.

AI තාක්ෂණය මත පදනම් වූ ආයෝජන කොතරම් බිඳෙනසුලුද (fragile eco-system) යන්න Melbourne හි NEXTDC දත්ත මධ්‍යස්ථාන සිදුවීමෙන් තහවුරු වුණා. ඔවුන්ගේ ව්‍යාපෘතියක් සඳහා දැවැන්ත කොන්ක්‍රීට් විදුලි කණු සිටුවීමට යාමේදී ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ කුඩා විරෝධතාවයක් හේතුවෙන්, දින කිහිපයක් ඇතුළත සමාගමේ කොටස් වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 7 සිට 4.1 දක්වා පහත වැටුණා.

නත්තලට පෙර NAB ආයතනයෙන් 2,500කට රස්සා අහිමි වීම
ඕස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම සමාගම වන NAB, “operating model එක සරල කිරීමේ” අරමුණින් සේවකයින් 2,500ක් පමණ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙය සෘජුවම AI සහ rapid technological change හි ප්‍රතිඵලයක් බවට සේවකයින් චෝදනා කරනවා. NASA හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වන Jeevan Perera පවසන පරිදි අනාගතයේදී AI සහ automation මගින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි එකම රැකියාවක් හෝ ඉතිරි නොවීමට ඉඩ කඩ තිබෙනවා.

Interest Rates සහ ජීවන වියදම
මේ සියල්ල අතරමැද RBA විසින් නැවතත් interest rates ඉහළ දැමීමේ දැඩි අවදානමක් පවතිනවා. ව්‍යාපාර තම නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දමන අතර සේවකයින්ට ඊට සරිලන වැටුප්  නොලැබීම නිසා පාරිභෝගික වියදම් දැඩි ලෙස කඩා වැටෙමින් පවතිනවා. අනාගතය මෙහෙයවන AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ සිදුවන මෙම දැවැන්ත රැකියා කප්පාදු සහ ආර්ථික පීඩනය හමුවේ 2027 වසර සැබවින්ම ස්ථායි නොවන (shaky) කාල පරිච්ඡේදයක් වනු ඇති බවට අනතුරු ඇඟවෙනවා.

Don't forget to share this post!

Recent Posts