ඕස්ට්‍රේලියාවේ මාර්ගවල සිදුවන අනතුරු සහ මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා ඉතාමත් නිර්මාණශීලී සහ අලුත්ම විසඳුමක් ලෙස ‘Circular’ මාර්ග සලකුණු හඳුන්වාදීමේ ජාතික මට්ටමේ පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
“Perceptual Countermeasures” (PCM) ලෙස හැඳින්වෙන මෙම සලකුණු Gippsland (Victoria), NSW, Queensland සහ Tasmania යන ප්‍රදේශවල වංගු සහිත ප්‍රධාන මාර්ගවල මංතීරුව දෙපස ලකුණු කර තිබෙනවා.
මෙම අලුත් සලකුණුවලින් වෙන්නේ මොකක්ද?
විශේෂයෙන්ම මෝටර් සයිකල් ධාවකයන් වංගු සහිත පාරවල ගමන් කිරීමේදී සිදුවන දරුණු අනතුරු වළක්වා ගැනීම මෙම පරීක්ෂණයේ ප්‍රධාන අරමුණයි.
වංගුවලදී පාරේ මැදට යාම වැළැක්වීම: දකුණට ඇති වංගුවලදී මෝටර් සයිකල් ධාවකයන් නොදැනුවත්වම පාරේ Centre line එක ආසන්නයට හෝ ඊට එහා පැත්තට ගොස්, ඉදිරියෙන් එන වාහනවල ගැටීමේ ලොකු අවදානමක් තිබෙනවා.
වේගය පාලනය කිරීම: මෙම සලකුණු මඟින් ridersලාගේ මනසට බලපෑම් කර, වංගුවට ඇතුළු වීමේදී වේගය අඩු කිරීමටත්, ආරක්ෂිත රේඛාවක ගමන් කිරීමටත් පෙළඹවෙනවා.
රාත්‍රී කාලයට පහසුවක්: මෙම සලකුණු නිසා රාත්‍රී කාලයේදී පාරේ සීමා මායිම් ඉතා පැහැදිලිව ධාවකයන්ට දර්ශනය වෙනවා..
පරීක්ෂණයේ සාර්ථකත්වය සහ ඉදිරි පියවර
University of Adelaide හි පර්යේෂකයන් පවසන්නේ මීට පෙර පැවැත්වූ පරීක්ෂණයකදී මෙවැනි සලකුණු මඟින් මෝටර් සයිකල් අනතුරු 80% කින් පමණ අඩු වූ බවයි.
Gippsland හි පසුගිය පෙබරවාරි මාසයේදී මෙම සලකුණු අඳින ලද අතර, ඊට අදාළ මාස 12 ක පූර්ණ පර්යේෂණ වාර්තාව ලබන වසරේ මුලදී නිකුත් කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාවේ වැඩිවන මාර්ග අනතුරු
AAMI ආයතනයේ නවතම වාර්තාවකට අනුව, පසුගිය 2025 වසරේදී පමණක් ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ මාර්ගවල සිදුවූ අනතුරුවලින් මිනිස් ජීවිත 906 ක් අහිමි වී තිබෙනවා. මුළු මාර්ග අනතුරු නිසා සිදු වූ මරණවලින් 69% ක්ම සිදුවී ඇත්තේ මෙවැනි ග්‍රාමීය ප්රදේශවලයි.
මෙම සලකුණු මඟින් ridersලාගේ ආරක්ෂාව මෙන්ම ඉදිරියෙන් එන අනෙකුත් වාහන සමඟ මුහුණට මුහුණ ගැටීමේ (Head-on collisions) අවදානමද විශාල ලෙස පහත හෙළනවා.