Coles, Woolworths පැරදූ ඕස්ට්‍රේලියාවේ අංක 1 Supermarket එක!

ඕස්ට්‍රේලියානුවන්ගේ වැඩිම පාරිභෝගික තෘප්තිමත්භාවය දිනාගත් වෙළෙඳසැල වෙනුවෙන් පිරිනමන Canstar’s Most Satisfied Customer සම්මානය අඛණ්ඩව 9 වන වසරටත් දිනා ගැනීමට Aldi සුපිරි වෙළෙඳසැල් ජාලය සමත් වී තිබෙනවා.

Australian Competition and Consumer Commission (ACCC) එකට අනුව, Woolworths වෙළඳපොළෙන් 38% කටත් Coles 29% කටත් හිමිකම් කියද්දී, Aldi හිමිකරගෙන ඇත්තේ 9% ක වෙළඳපොළ කොටසක් පමණි. ඉතිරි 24% IGA සහ අනෙකුත් retailers ලා අත්කරගෙන සිටිනවා. එසේ තිබියදීත් Coles, Woolworths සහ IGA පරදවා ප්‍රථම ස්ථානය දිනාගැනීමට Aldi සමත් වීම විශේෂත්වයක්.

 

ඕස්ට්‍රේලියානුවන් 2738 දෙනෙකුගේ අදහස් ලබාගනිමින් කළ Canstar survey එකට අනුව අනෙකුත් ස්ථාන සහ ශ්‍රේණිගත කිරීම්:

1 වන ස්ථානය – Aldi: පාරිභෝගිකයන්ට නියමිත වටිනාකම සහ අඩුම මිල ගණන් යටතේ භාණ්ඩ ලබාදීම නිසා ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

2 වන ස්ථානය – IGA: සමස්ත තෘප්තිමත්භාවය වෙනුවෙන් 4 stars හිමිකරගත් අතර, එළවළු/මස්වල නැවුම්බව, පාරිභෝගික සේවාව, Checkout පහසුව සහ Stock availability යන අංශවලින් තාරකා 5 බැගින් ලබාගෙන තිබෙනවා.

3 වන ස්ථානය – Coles: තුන්වන ස්ථානය හිමිකරගත් අතර overall satisfaction එක වෙනුවෙන් 3 stars ලබාගත්තා.

4 වන ස්ථානය – Woolworths: සිව්වන ස්ථානය හිමිකරගත් අතර ඔවුන්ද 3 stars ලබාගත්තා. කෙසේ වෙතත්, භාණ්ඩ වර්ග වැඩි ප්‍රමාණයක් පැවතීම සහ Value for money අංශයෙන් Woolworths ආයතනය Coles වලට වඩා ඉදිරියෙන් සිටිනවා.

 

ඕස්ට්‍රේලියානුවන්ගේ බඩු ගන්නා රටාව වෙනස් වෙයි!

දැනට පවතින අධික ජීවන වියදම හමුවේ ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයන් ඉතා බුද්ධිමත්ව තමන්ගේ මුදල් වියදම් කිරීමට පෙළඹී සිටිනවා..

Canstar වාර්තාවලට අනුව, දැන් ජනතාව එකම සුපිරි වෙළෙඳසැලකට පමණක් සීමා වන්නේ නැහැ.. ඕස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සතිපතා බඩු ගැනීමට සුපිරි වෙළෙඳසැල් 2 කට යන අතර, 18% ක් වෙළෙඳසැල් 3 කට හෝ ඊට වැඩි ගණනකට යෑමට පුරුදුව සිටිනවා.

 

Aldi මිල ගණන් තවත් අඩු කරයි

පාරිභෝගිකයන්ට තවදුරටත් අඩු මිලට භාණ්ඩ ලබාදීම සඳහා Aldi ආයතනය සිය වෙළෙඳසැල්වල අලෙවි කරන භාණ්ඩ වර්ග ප්‍රමාණය යම් තාක් දුරකට සීමා කරමින්  ව්‍යාපාරික පිරිවැය අඩු කරගෙන තිබෙනවා..

එමෙන්ම මෙම වසර තුළදී පමණක් භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක මිල ගණන් ස්ථිරවම අඩු කිරීමට කටයුතු කර ඇති අතර, පසුගිය මාසයේදී මස් වර්ගවල මිල ගණන්ද සැලකිය යුතු ලෙස පහත හෙළා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩි මෙවැනි කාලයක එකම Supermarket එකකින් සියලුම බඩු ගන්නවා වෙනුවට, Special offers සහ අඩු මිල ගණන් සසඳා බලා

Don't forget to share this post!

Recent Posts