ඕස්ට්‍රේලියාවේ Degree එකක් නැතත් $150,000+ පඩියක් ගෙවන රැකියා 10 ක් මෙන්න!

End-of-year exams ළඟා වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙමව්පියන් සහ සිසුන් තමන්ගේ ඊළඟ පියවර ගැන සහ University Degree එකක් ලබා ගැනීම ඇත්තටම වටිනවාද යන්න ගැන නැවත සිතා බලන්නට පටන්ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රැකියා වෙබ් අඩවියක් වන Seek හි අලුත්ම දත්තවලට අනුව, එරට වැඩිම වැටුප් ලබන ඇතැම් ප්‍රමුඛ රැකියා සඳහා උපාධියක් අනිවාර්ය වන්නේම නැහැ.. ඒ වෙනුවට, වෘත්තීය සහ කාර්මික (VET / Trades) පුහුණුවීම් හරහා ඩොලර් ලක්ෂයට වැඩි වාර්ෂික ආදායම් ලැබිය හැකි රැකියා මාර්ග රැසක් නිර්මාණය වී තිබෙනවා..

 

Degree එකක් නැතුව ලොකුම පඩි ගන්න ඕස්ට්‍රේලියාවේ Top 10 Jobs:

  1. Heavy Diesel Fitter Mining in Resources & Energy: $167,210
  2. Automotive Electrician Mining in Resources & Energy: $163,611
  3. Site Manager in Construction: $162,759
  4. Facilities Manager in Healthcare & Medical: $151,099
  5. Foreperson in Construction: $143,807
  6. Maintenance Manager in Engineering: $139,668
  7. Payroll Manager in Accounting: $138,439
  8. Electrician Mining in Resources & Energy: $137,966
  9. Licensed Aircraft Maintenance Engineer in Engineering: $134,305
  10. Marketing Manager in Marketing & Communications: $115,973

 

මේ රැකියාවලට මෙච්චර ලොකු පඩියක් ගෙවන්නේ ඇයි?

Seek හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Dr. Blair Chapman පෙන්වා දෙන්නේ මේවා නුපුහුණු (Low-skilled) රැකියා නොවන බවයි. මෙම ඉහළ වැටුප් පිටුපස ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා;

ඉගෙනගන්න ගමන් සල්ලි සෙවීම (Earn while you learn): උපාධියක් වෙනුවෙන් ලොකු ණයක් එකතු කරගන්නවා වෙනුවට, අවුරුදු 4 ක Apprenticeship කාලය තුළදීම පවා පඩියක් ලබාගත හැකියි.

ඛනිජ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුම (Mining & Energy): මෙම රැකියාවලින් වැඩි ප්‍රමාණයක් ඈත පිටිසර හෝ ග්‍රාමීය ප්‍රදේශවල (Regional / Remote areas) පිහිටා තිබීම සහ Specialised skills අවශ්‍ය වීම නිසා අධික වැටුප් ගෙවනවා.

ගොඩනැගිලි සහ නිවාස ක්ෂේත්‍රයේ ඉල්ලුම (Construction Demand): යටිතල පහසුකම් සංවර්ධනය සහ නිවාස අවශ්‍යතාව ඉහළ යාම නිසා ව්‍යාපෘති අධීක්ෂණය කරන Site Managers සහ Forepersons වැනි නායකත්ව හැකියාවන් සහිත තාක්ෂණික ශිල්පීන්ට විශාල ඉල්ලුමක් පවතිනවා.

university degree එකකට අකමැති, ප්‍රායෝගික වැඩවලට/Hands-on work වලට කැමති ඕස්ට්‍රේලියාවේ සිටින අයට හෝ සිසුන්ට, සුදුසු NVQ/VET පාඨමාලාවක් හෝ Apprenticeship එකක් හරහා කෙළින්ම සාර්ථක Six-figure income එකක් ලැබෙන වෘත්තියකට පිවිසීමට මෙය හොඳම අවස්ථාවක්.

Don't forget to share this post!

Recent Posts