අලුත්ම Melton Station එක විවෘතයි! අත්‍යවශ්‍ය පාරවල් වහන දවස් මෙන්න

Ballarat Line Upgrade ව්‍යාපෘතියේ දැවැන්ත සන්ධිස්ථානයක් සලකුණු කරමින්, සම්පූර්ණයෙන්ම අලුතින් ඉදිකරන ලද Melton දුම්රිය ස්ථානය (Melton Station) මගී ප්‍රවාහනය සඳහා නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

සැප්තැම්බර් 1 වන දා අලුයම 5.07 ට මෙල්බර්න් නගරය දෙසට ගමන් කළ පළමු දුම්රියත් සමඟින් මෙම නව දුම්රිය ස්ථානයේ කටයුතු ආරම්භ වූ අතර, දැන් Ballarat, Ararat සහ Maryborough මාර්ගවල ධාවනය වන සියලුම දුම්රියන් මෙම නව ස්ථානයේ නතර කරනවා.

 

නව Melton දුම්රිය ස්ථානයේ ඇති විශේෂාංග

නවීන පහසුකම්: මීටර් 16 ක් පළල Through link එකක් හරහා පඩිපෙළ සහ Lifts මඟින් ඕනෑම කෙනෙකුට Platforms වෙත පහසුවෙන් පිවිසෙන්න පුළුවන්.

Level crossings නැති Melton: Coburns Road සහ Exford Road හි පැවැති Level crossings ඉවත් කිරීමත් සමඟ, Truganina හි Hopkins Road සහ Melton හි Ferris Road හරස් මාර්ගද ඇතුළුව මුළු Melton ප්‍රදේශයම දැන් Level Crossing-Free ප්‍රදේශයක් බවට පත්වී තිබෙනවා..

ධාරිතාව 50% කින් ඉහළට: නව දුම්රිය ස්ථානයේ වේදිකා 4 න් 2 ක්ම පෙට්ටි 9 කින් යුත් දිගු VLocity දුම්රිය සඳහා සුදුසු පරිදි සකසා තිබෙනවා. ලබන වසරේ සිට මෙම දිගු දුම්රිය ධාවනයට එක්වීමත් සමඟ කාර්යබහුල වේලාවන්හිදී මගී ධාරිතාව 50% කින් ඉහළ යනු ඇත.

 

නොමිලේ පැවැත්වෙන Walking Tours සහ ඉදිරි ඉදිකිරීම්

ඉදිකිරීම් කාලය අතරතුර ලබාදුන් සහයෝගයට ජනතාවට ස්තූති කිරීම පිණිස, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස පුරා නගරවාසීන් වෙනුවෙන් මිනිත්තු 45 ක නොමිලේ පැවැත්වෙන Guided Walking Tours 22 ක් පැවැත්වීමට ව්‍යාපෘති කණ්ඩායම කටයුතු යොදා තිබෙනවා.

 

2027 දක්වා ඉදිකිරීම් 

දුම්රිය ධාවනය ආරම්භ වුවද, නව Seven-bay bus interchange එක, station facilities, forecourts සහ landscaping වැනි අනෙකුත් ප්‍රධාන පහසුකම් 2027 මුල වන තෙක් ඉදිකෙරෙනවා.. ඒ දක්වා Customer service සහ toilet facilities, temporary station එකේ පවතිනු ඇත.

Coburns Road තාවකාලිකව වැසීම සැප්තැම්බර් 6 ඉරිදා අලුයම 1.00 සිට සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා උදෑසන 7.00 දක්වා Coburns Road දුම්රිය හරස් මාර්ගය අසලින් තාවකාලිකව වසා තබෙනවා. එම කාලය තුළ පරණ රේල් පාරවල් ඉවත් කර මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

ඔබ Melton හෝ Ballarat මාර්ගයේ ගමන් කරන අයෙකු නම්, Coburns Road තාවකාලිකව වසා තබන සැප්තැම්බර් 6 සිට 24 දක්වා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට මතක තබාගන්න. නව දුම්රිය ස්ථානය නරඹන්න කැමති අයට Exford Road අසලින් ආරම්භ වන Walking Tours සඳහා එකතු විය හැකියි.

 

Image credit: en.wikipedia.org 

Don't forget to share this post!

Recent Posts