Melbourne Airport එක භාවිත කරන සියලුම දෙනාට අතිශයින්ම වැදගත් ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ. 1970 දී ගුවන්තොටුපළ ආරම්භ කළ පසු එහි Road network එකේ සිදුවන විශාලතම සහ වැදගත්ම වෙනස්කම් පෙළ එළඹෙන ඔක්තෝබර් 6 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
වසර 56 ක් තිස්සේ මගීන් බැස්සවීමට භාවිත කළ පරණ Pick-up සහ Drop-off Zones සියල්ලම ඔක්තෝබර් 6 වනදා සිට වසා දැමෙන අතර, මින් ඉදිරියට නව Undercover Parking area එකේ පිහිටි අලුත්ම Zones භාවිත කිරීමට සිදුවෙනවා.
Driver ලා දැනගත යුතු අලුත්ම වෙනස්කම් ටික මෙන්න
තමන්ගේ නෑදෑ හිතවතුන්ව Airport එකට බස්සන්න හෝ ගන්න එන රියදුරන්, Tullamarine Freeway එකෙන් (Exit 19) ඉවත් වී Elevated roadway එක භාවිත කරමින් Terminals වෙත ළඟා විය යුතුයි.
අලුත් ක්‍රමය යටතේ මගීන්ට තමන්ගේ වාහනය එනතෙක් රැඳී සිටීමට අවශ්‍ය පහසුකම්ද ලැබෙනවා.
Private vehicles සහ ටැක්සි/Uber වැනි Commercial vehicles වෙන වෙනම වෙන් කරමින් ගමනාගමනය වඩාත් පහසු කර තිබෙනවා.
Mercer Drive හි පිහිටි 60-minute free waiting zone එක ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා.
අවුරුදු 56 ක ඉතිහාසය වෙනස් කළේ ඇයි?
මෙල්බර්න් ගුවන්තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරිනී Lorie Argus පවසන්නේ, International Terminal එක තවත් විශාල කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
දිනපතා 100,000 කට අධික පිරිසක් පැමිණෙන මෙල්බර්න් ගුවන්තොටුපළේ වාර්ෂික මගී සංඛ්‍යාව 2047 වන විට මිලියන 75 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මුලදී මෙම අලුත් ක්‍රමයට හුරු වීමට රියදුරන්ට ටික කාලයක් ගතවිය හැකි නිසා, මගීන්ට සහ රියදුරන්ට මගපෙන්වීමට විශේෂ කාර්ය මණ්ඩලයක් යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.
ඔක්තෝබර් 6 න් පස්සේ Melbourne Airport එකට කෙනෙක්ව Drop කරන්න හෝ Pick කරගන්න යනවා නම්, පාරේ සවිකර ඇති අලුත් Signboards ගැන අවධානයෙන් යන්න.
Image credit: www.abc.net.au