ඔබත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය (Australian Citizenship by conferral) සඳහා අයදුම් කරපු කෙනෙක් නම්/ කරන්න ඉන්න කෙනෙක් නම්, ප්‍රධානම පියවරක් වන Citizenship Test එකට මුහුණ දීමට සිදුවෙනවා. Test එකෙදි බලන දේවල් ගැන, අහන ප්‍රශ්න ගැන, ලබාගන්න ඕන ලකුණු ගැන මීට කලින් articles වලින් අපි කිව්වා..
ඉතින් අද අපි කතා කරමු මේ test එක ලියන්න ඕනේ කවුද, Appointment time and location, මොනවද ඔයා අරගෙන යන්න ඕනේ කියන දේවල් ගැන.
Citizenship Test එක ලියන්න ඕනේ කවුද?
application එක භාරගන්නා දිනය වන විට වයස අවුරුදු 18 ත් 59 ත් අතර පසුවන සියලුම අයදුම්කරුවන් සාමාන්‍යයෙන් මෙම Test එක සඳහා පෙනී සිටිය යුතුයි.
ඔයාට අදාළ දිනය, වේලාව සහ ස්ථානය සඳහන් Appointment letter එකක් ඔයාට ලැබේවි.
පවත්වන ස්ථාන
බොහෝ ප්‍රධාන නගරවල පිහිටි Departmental offices වල හෝ ඇතැම් Services Australia (Centrelink) කාර්යාලවලදී මෙය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියාවෙන් පිටතදී අයදුම් කළ අය නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසු Test එකට කැඳවනවා.
Appointment එකට යද්දී අනිවාර්යයෙන්ම අරන් යන්න ඕනේ දේවල්
Original Photo ID එකක්: Australian Driver Licence, Passport එක හෝ Australian Proof of Age Card එකක් (ලිපිගොනු හෝ Phone එකේ ඇති Photos/Copies භාරගනු නොලැබේ).
Appointment Letter එක: Hard copy එකක් ලෙස හෝ Phone එකෙන් පෙන්වන්න පුළුවන්.
අමතර ලේඛන: ඉල්ලා ඇති වෙනත් ඕනෑම document එකක්.
ඔබ Original Photo ID එක රැගෙන නොගියහොත්, එදිනට Test එකට පෙනී සිටීමට ඉඩ නොදෙන අතර වෙනත් දිනයකට Appointment එක කල් යනවා.
Test එක තියෙන ස්ථානයට ගියාම මොකද වෙන්නේ?
නියමිත වේලාවට විනාඩි 10 කට පෙරවත් අදාළ ස්ථානයට ළඟා වෙන්න.
ඔයාගේ Application එක ගැන සාකච්ඡා කිරීම, Identity එක තහවුරු කිරීම සහ ඔයාගේ Photo එකක් ගැනීම මෙහිදී සිදු කරනවා.
Test එක ලබාදෙන්නේ Computer එකක් හෝ Tablet එකක් හරහා වන අතර, test එක අවසන් කළ පසු Result එක Screen එකේ සටහන් වෙනවා.
Test Centres තුළට ළමුන් රැගෙන යාමට අවසර නැහැ..
Test එකට යාමට පෙර ඔබේ ImmiAccount එක හරහා අවශ්‍ය සියලුම ලේඛන හරියට Attach කර ඇත්දැයි බලන්න. application එක දැමූ පසු ඔබේ ලිපිනය හෝ නම වෙනස් වුණා නම්, ඒ අලුත් documents ද ImmiAccount එකට Update කරන්න අමතක කරන්න එපා!