ඕස්ට්‍රේලියාවේ Exportersලා දැනගත යුතුම නීති 7 ක්! Export Business – Part 2

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට export business එකක් පටන් ගන්න අවශ්‍ය දේවල් ගැන අපි කතා කරන්න පටන් ගත්තා. 1වෙනි article එකෙන් අපි කිව්වා ඔයාගේ products අපනයනය කිරීමෙන් ඔයාගේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රධාන වාසි ගැන. අද article එකෙන් අපි බලමු exporting වලට අවශ්‍ය Legal essentials ගැන.

මේ දේවල් ටිකක් සංකීර්ණයි වගේ දැනෙන්න පුළුවන්. එහෙමනම් ඔයාට expert කෙනෙක්ගෙන් මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්න. ඕස්ට්‍රේලියාවේ තියෙන ලාංකික ආයතනයකින් ඔයාට සිංහල භාෂාවෙන්ම උනත් අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්.

ඔබේ products හෝ services ජාත්‍යන්තරයට ගෙන යද්දී, ඕස්ට්‍රේලියාවේ නීති වගේම ඔයා Export කරන රටේ නීති හෙවත් Destination market laws වලටද අනුකූල වීම අතිශයින්ම වැදගත්. නීතිමය පැත්ත හරියට නොබැලුවොත් විශාල දඩ මුදල්වලට සහ ව්‍යාපාරික පාඩුවලට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්.

 

Export Business එකක් කිරීමේදී ඔබ දැන සිටිය යුතු ප්‍රධාන නීතිමය කාරණා කිහිපයක් මෙන්න

 

  1. Export Restrictions (අපනයන තහනම් සහ සීමා කිරීම්)

ඕස්ට්‍රේලියානු රජය ඇතැම් භාණ්ඩ හා සේවාවන් රටින් පිටතට යැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා (Restricted). තවත් ඇතැම් භාණ්ඩ යැවීමට විශේෂ කොන්දේසි සහ පූර්ව අනුමැතීන් (Permits) අවශ්‍ය වෙනවා.. ඒ නිසා ඔබ යවන Product එක Restrictions යටතට වැටෙනවාදැයි මුලින්ම පරීක්ෂා කරන්න. ඔස්ට්‍රේලියාවට අරගෙන එන්න පුළුවන් දේවල් සහ පිටතට ගෙනියන්න පුළුවන් දේවල් ගැන අපි කලින් articles වලින් කතා කරලා තියෙනවා.

 

  1. Export කරන රටේ නීති සහ Certifications

ඕස්ට්‍රේලියාවේ නීතිවලට අනුකූල වූ පමණින් වෙනත් රටකදී එය නීත්‍යානුකූල වේ යැයි සිතන්න එපා.

එක එක රටවල Customs හරහා භාණ්ඩ ඇතුළු කරගැනීමට වෙනස්ම Certifications සහ Standards අවශ්‍ය වෙනවා.

ඇතැම් රටවල Monopoly/Exclusive distribution තහනම් කරන Competition Rules තිබෙනවා.

 

  1. Intellectual Property (IP) ආරක්ෂා කරගැනීම

ඔයාගේ Brand එක, Invention එක, Product Design එක හෝ Trademark එක වෙනත් රටකදී තවත් අයෙකු හොරකම් කිරීම වැළැක්වීමට මුලින්ම එම රටේ IP Protection එක ලබාගන්න.

ඔයා Export කරන රටේ IP Office එක හරහා හෝ ජාත්‍යන්තර IP පද්ධතිය හරහා Trademark/Patent ලියාපදිංචි කරන්න පුළුවන්.

මේ සඳහා විශේෂඥ IP නීතිඥයෙකුගේ සහාය ලබාගන්නත් පුළුවන්.

 

  1. Data Storage සහ Privacy Laws

පාරිභෝගිකයන්ගේ තොරතුරු (Personal Data) එකතු කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න. ඕස්ට්‍රේලියානු වැසියන්ගේ Data භාවිතයේදී Australian Privacy Principles වලට අනුකූල විය යුතුයි.

ඔයා යුරෝපයේ (EU) පාරිභෝගිකයන් ඉලක්ක කරන්නේ නම්, ලොව තදබලම දත්ත ආරක්ෂණ නීතිය වන GDPR වලට 100% ක් අනුකූල විය යුතුයි.

 

  1. Trade Contracts සහ Dispute Resolution

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් (International Contracts) සාමාන්‍ය ගිවිසුම්වලට වඩා සංකීර්ණයි.

ගිවිසුමකට අත්සන් කිරීමට පෙර ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ පළපුරුදු නීතිඥයෙකුගෙන් උපදෙස් ගන්න.

ගැටලුවක් ආවොත් විසඳගන්නේ කොහොමද කියන එක Contract එකේ පැහැදිලිව තිබිය යුතුයි. (ඕස්ට්‍රේලියානු රජයට නීතිමය උපදෙස් දිය නොහැකි අතර, Austrade හෝ Embassy හරහා expertsලාගේ සහය ලබාගත හැක).

 

  1. Sanctions (ජාත්‍යන්තර සම්බාධක)

ඇතැම් රටවලට හෝ ආයතනවලට එරෙහිව ජාත්‍යන්තර ආර්ථික සම්බාධක (Sanctions) පනවා තිබෙනවා.. Sanction අඩංගු රටවල් සමඟ වෙළඳාම් කිරීම වසර 10 දක්වා සිරදඬුවම් සහ දැවැන්ත දඩ හිමිවන බරපතල අපරාධයක්.

 

  1. Responsible Business Standards & Foreign Bribery

ඕස්ට්‍රේලියානු රජය සහ OECD සංවිධානය ජාත්‍යන්තර වෙළඳාමේදී විනිවිදභාවය බලාපොරොත්තු වෙනවා.

විදේශීය නිලධාරීන්ට අල්ලස් දීම හෝ “Facilitation payments” දීම ඕස්ට්‍රේලියානු නීතියට අනුව සිරදඬුවම් ලැබිය හැකි බරපතල වරදක්.

Modern Slavery & Human Rights: ඩොලර් මිලියන 100 ට වැඩි ලාබ ලබන සමාගම් තමන්ගේ Supply Chain එක තුළ ළමා ශ්‍රමය හෝ Forced Labour (නූතන වහල්භාවය) නැති බවට වාර්තා කළ යුතුයි.

ඔබේ Export Business එක ජාත්‍යන්තරයට ගෙන යන්න කලින් Austrade හෝ IP Australia හරහා තොරතුරු පරීක්ෂා කර, නීතිඥ උපදෙස් ලබාගැනීමට අමතක කරන්න එපා!

 

ඊළඟට අපි කතා කරමු ඔයා export කරන භාණ්ඩ classify කරන විදිහ ගැන.  ඔයාට තවත් තියෙන ප්‍රශ්න comment කරගෙන යන්න. අපි ඒ හැමදෙයක් ගැනම ඉස්සරහට කතා කරමු.

 

Don't forget to share this post!

Recent Posts