ඕස්ට්‍රේලියාවේ Gen Zලා අතර ජනප්‍රිය මොකක්ද මේ Career Minimalism?

ඔයාගේ Social Media feeds වල Career Minimalism, Job Minimalism, Decentring Work හරි Soft Life කියන වචන මෑතකදී දැක්කද?

සරලවම කිව්වොත්, Career Minimalism කියන්නේ රැකියාවේ ඉහළටම යන්න, Promotion අරන් Position එක හදාගන්න තියෙන අසීමිත තණ්හාව සහ තරඟය පැත්තක තියලා, තමන්ගේ මානසික සෞඛ්‍යය, සතුට, ස්ථාවරත්වය සහ Work-life Balance එකට මුල් තැන දෙන අලුත්ම ජීවන රටාවටයි.

දැන් බොහෝ දෙනෙක් දැන් තමන්ගේ ලොකු Job Titles පැත්තකින් තියලා, අඩු Stress එකක් තියෙන රක්ෂාවක් කරන ගමන් තමන් ආස දේවල් කරන්න කාලය වෙන්කර ගන්නවා.

Career Minimalism වල තියෙන සුපිරි වාසි 

අධික මානසික පීඩනය සහ Chronic stress වලින් මිදී, මොළයට සහ ශරීරයට අවශ්‍ය නිසි විවේකය ලැබෙනවා.

ජොබ් එකේ Title එක පිටිපස්සේ හැංගෙන්නේ නැතුව, තමන් ඇත්තටම කවුද කියලා තේරුම් ගන්නත්, යහළුවන් සහ පවුලේ අය සමඟ කාලය ගත කරන්නත් ඉඩ ලැබෙනවා.

අඩු Stress එකක් තියෙන රක්ෂාවක් කරද්දී මාසිකව ස්ථාවර පඩියක් ලැබෙන අතරම, ඔයා ආස Content Creation, Business වැනි Side-projects කරන්න අවශ්‍ය Energy එක ඉතිරි වෙනවා.

ඔළුවේ තියාගත යුතු අවදානම් හෙවත් Potential Risks 

මූල්‍යමය බලපෑම (Financial Strain): වැඩි පඩියක් ලැබෙන ජොබ් එකක් අතහැරලා අඩු පඩියකට යද්දී, ඔයාගේ Savings පාවිච්චි කරන්න හරි අමතර ආදායම් මාර්ග හොයාගන්න හරි සිදුවෙන්න පුළුවන්.

Resume එකේ තියෙන Gaps: කාලෙකට පස්සේ ආයෙත් ඔයාගේ පරණ ක්ෂේත්‍රයට යන්න හැදුවොත්, ඒ කාලය තුළ ක්ෂේත්‍රයේ වුණු වෙනස්කම් එක්ක Update වී සිටීම ටිකක් අමාරු වෙන්න පුළුවන්.

ජීවිතයේ මුල් කාලයේදීම සිදුකිරීම: Career එක පටන් ගත්ත ගමන්ම මේ වගේ පියවරක් ගැනීමෙන්, ඔයාගේ Long-term growth එකට බාධා ඇතිවෙන්න පුළුවන්.

ඔයාත් රැකියාව නිසා දැඩි ලෙස Burnout වෙලා නම් ඉන්නේ, “එකම තැන ඉඳන් විඳවනවද, නැත්නම් වෙනසක් කරලා එන රිස්ක් එකට මුහුණ දෙනවද” කියන එක ඔයා ගන්න ඕන තීරණයක්. 

Don't forget to share this post!

Recent Posts