ඔබත් Suncorp පාරිභෝගිකයෙක්ද? ලක්ෂ 12කගේ බැංකු ගිණුම් ANZ අතට!

ඕස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ 2008 වසරෙන් පසු සිදුවන විශාලතම බැංකු ඒකාබද්ධ වීම දැන් නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා!

ANZ බැංකුව විසින් ඩොලර් බිලියන 4.9 කට Suncorp Bank මිලදී ගැනීමත් සමඟ, Suncorp හි සිටින ලක්ෂ 12 කට අධික පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම්, නිවාස ණය සහ අනෙකුත් සේවාවන් සියල්ල 2027 ජූනි වන විට ANZ බැංකුව වෙත මාරු කෙරෙන බවට මේ වන විටත් පාරිභෝගිකයන්ට දැනුම් දී තිබෙනවා.

මෙම අත්පත් කරගැනීමත් සමඟ ANZ බැංකුව, NAB බැංකුව පසුපසට තල්ලු කරමින් ඕස්ට්‍රේලියාවේ තෙවන විශාලතම Home Loan ලබාදෙන බැංකුව බවට පත්වීමට නියමිතයි.

 

මේ ගනුදෙනුවට ලැබුණු රජයේ අනුමැතිය සහ පැනවූ කොන්දේසි

2022 දී ප්‍රකාශයට පත් කළ මෙම ගනුදෙනුව ACCC ආයතනය විසින් මුලදී අවහිර කළද, පසුව Australian Competition Tribunal එක සහ Treasurer Jim Chalmers විසින් ඕස්ට්‍රේලියානු අනුමත කරනු ලැබුවා. හැබැයි ඒ සඳහා ප්‍රධාන කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා;

  • ඉදිරි වසර 3 ඇතුළත කිසිදු Regional Branch එකක් වසා දැමීමට ANZ එකට අවසර නැහැ..
  • ඉදිරි වසර 3 තුළ සේවකයන්ගේ රැකියා අහිමිවීමක් (Net employment losses) සිදු නොවිය යුතුයි.
  • ඕස්ට්‍රේලියා Post හි Bank@Post සේවාව සමඟ එක්වීමට ANZ එක උත්සාහ කළ යුතුයි.

 

පාරිභෝගිකයන්ගේ කණගාටුව සහ Big Four බැංකු අධිකාරිය

මේ සිදුවීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ Big Four (Commonwealth, Westpac, ANZ, NAB) බැංකුවලට පරිබාහිරව තිබූ විකල්ප අඩුවීම ගැන පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කණගාටුව පළ කරනවා.

මෑතකදී Citi බැංකුව ඉවත් වීම, HSBC සිය Retail arm එක Blackstone වෙත විකිණීම සහ දැන් Suncorp එක ANZ එකට එකතු වීම නිසා කුඩා බැංකුවල තරඟකාරීත්වය සම්පූර්ණයෙන්ම නැතිවී යන බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

Compare the Market economic director David Koch පෙන්වා දෙන්නේ, බැංකුවලට දක්වන පක්ෂපාතීත්වයෙන් පාරිභෝගිකයාට සෑම විටම වාසි නොලැබෙන බවයි. 2027 ජූනි දක්වා කාලය ඇතුළත ඔබේ Home Loans, Savings Accounts සහ Interest Rates වෙනත් බැංකු සමඟ සසඳා වඩාත් වාසිදායක විකල්පයකට මාරු වීමට මෙය හොඳම අවස්ථාවයි. ඒ වගේම, මේ බැංකු මාරුව අස්සේ Scammers ලා ක්‍රියාත්මක විය හැකි බැවින් එකපාරටම එන Emails/Calls ගැන දැඩි අවධානයෙන් සිටින්න!

 

Image credit: www.reuters.com

Don't forget to share this post!

Recent Posts