Small Business Owner කෙනෙක්ද? 30% Trust Tax එකෙන් බේරෙන්න ඕස්ට්‍රේලියානු රජයෙන් සහනයක්!

ඕස්ට්‍රේලියානු රජය විසින් Discretionary Trusts සඳහා හඳුන්වා දීමට නියමිත 30% ක Trust Tax එකෙන් බේරීම සඳහා තම Business structure එක වෙනස් කිරීමට බලාපොරොත්තු වන කුඩා ව්‍යාපාර හිමියන්ට, Stamp Duty නොගෙවා සිටීමට හැකි අලුත්ම සහනදායී ක්‍රමවේදයක් Treasurer Jim Chalmers විසින් යෝජනා කර තිබෙනවා.

Labor රජයේ මෙම නව බදු සංශෝධනවල කෙටුම්පත් නීති මේ වන විට මහජන සහ ක්ෂේත්‍රයේ අදහස් විමසීම සඳහා නිකුත් කර තිබෙනවා..

 

කුඩා ව්‍යාපාරිකයන් බිය වූ Stamp Duty ප්‍රශ්නය මොකක්ද?

සාමාන්‍යයෙන් Discretionary Trust එකකින් වෙනත් Company Structure එකකට හෝ Fixed Trust එකකට මාරු වන විට දේපළ හෝ මූල්‍ය වත්කම් හුවමාරුවක් (Property transfer) සිදුවන නිසා ප්‍රාන්ත රජයන් විසින් Stamp Duty අය කරනු ලබනවා.

කුඩා ව්‍යාපාරිකයන්ට සිදුවන්නේ වැඩි බදු බරක් දැරීමට හෝ දැවැන්ත Stamp Duty මුදලක් ගෙවා ව්‍යාපාරය නැවත සකස් කිරීමට බව කුඩා ව්‍යාපාරිකයන්ගේ සංගමය (COSBOA) අනතුරු අඟවා තිබුණා.

Stamp Duty යනු ප්‍රාන්ත රජයන් ලබාගන්නා ආදායමක් බැවින්, එම ගාස්තුව අතහැරීමට state treasurersලා අකමැත්ත පළ කර තිබුණා.

 

රජය යෝජනා කරන අලුත්ම “Workaround” විසඳුම මෙන්න

නව යෝජනාවට අනුව, ව්‍යාපාරිකයන්ට තම Discretionary Trust එක නිල වශයෙන් වෙනස් කරමින් Stamp Duty ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ..

තමන්ගේ පවතින Beneficiariesලා අතර ආදායම බෙදාහැරීමේදී තමන්ට හිමි Discretionary බලතල භාවිතා නොකර, එකම Fixed proportion එකකින් නිත්‍ය ලෙස මුදල් බෙදාහැරීමට (Fixed income structure) එකඟ වන්නේ නම්, ඔවුන්ව මෙම 30% Trust Tax එකෙන් නිදහස් කරනවා.

Discretionary Trust හරහා Registered charities, ආගමික ස්ථාන හෝ ක්‍රීඩා සමාජ වෙත සිදුකරන පරිත්‍යාග සඳහා ද මෙම බද්ද අය කෙරෙන්නේ නැහැ..

මෙම අලුත් Trust Tax ක්‍රමය 2028 මැද භාගයේදී ආරම්භ වීමට නියමිතයි.

Super funds, Disability trusts, Deceased estates, සහ Farm income වැනි අංශ මෙම බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා..

කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සැප්තැම්බර් 18 වනදායින් අවසන්.

ඔබ ඕස්ට්‍රේලියාවේ Discretionary Trust එකක් හරහා ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් සිදුකරන අයෙකු නම්, මෙම අලුත් බදු නීති ක්‍රියාත්මක වීමට පෙර ඔබේ Accountant හෝ Financial Adviser හමුවී සුදුසුම පියවර තීරණය කරගැනීමට කටයුතු කරන එක වඩාත් හොඳයි.

Don't forget to share this post!

Recent Posts