ඕස්ට්‍රේලියානු රජය විසින් ස්වාභාවික ගෑස් (LNG) අපනයනකරුවන් සඳහා හඳුන්වා දීමට යෝජනා කර තිබූ 20% ක Domestic Gas Reserve නීතිය ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අලුත් සංශෝධනයට අනුව, අපනයනකරුවන් විසින් දේශීය වෙළඳපොළ වෙනුවෙන් වෙන් කළ යුතු ගෑස් ප්‍රමාණය ස්ථාවර 20% ක් වෙනුවට, Australian Energy Regulator (AER) ආයතනය විසින් තීරණය කරනු ලබන (5% සිට 20% දක්වා) ප්‍රමාණයක් වෙන් කිරීම ප්‍රමාණවත්.
මෙම අලුත් ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වන්නේ වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ගෑස් හිඟයකට මුහුණ දෙන ඕස්ට්‍රේලියාවේ East coast ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 110% ක අතිරික්ත ගෑස් සැපයුමක් තහවුරු කරමින්, ගෑස් මිල ගණන් පාරිභෝගිකයන්ට දැරිය හැකි මට්ටමක තබාගැනීමයි.
ආරම්භ වන දිනය සහ ප්‍රදේශ අනුව වෙනස් වන නීති
මෙම අලුත් නීති මාලාව ක්‍රියාත්මක වන දිනය මාස 6 කින් පසුපසට දමා ඇති අතර, එය 2028 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වෙනවා.. දැනට පවතින අපනයන කොන්ත්‍රාත්තු සඳහා මෙයින් බලපෑමක් නැහැ.
Western Australia සඳහා 15% ක වෙනම gas reserve ප්‍රතිපත්තියක් පවතින අතර, එය මෙම අලුත් වෙනස්කම්වලදී පිළිගෙන තිබෙනවා..
ජනගහනය සහ ගෑස් ඉල්ලුම අඩු බැවින් Northern Territory එක මෙම 20% නීතියෙන් බොහෝ දුරට නිදහස් කර තිබෙනවා.
Origin, Shell සහ Santos සමාගම්වලට වන බලපෑම
නැගෙනහිර වෙරළබඩ ගෑස් ව්‍යාපෘති මෙහෙයවන Origin Energy, Shell සහ Santos යන දැවැන්ත සමාගම් 3 ට මෙම නීතිය සෘජුවම බලපානවා.
නීති යම් තරමකට ලිහිල් කළද, අදාළ ගෑස් ප්‍රමාණය දේශීය වෙළඳපොළට “අනිවාර්යයෙන්ම සැපයිය යුතු බවට” (Must supply) රජය තදින්ම කියා සිටිනවා.
Australian Energy Producers (AEP) සංගමය සහ Grattan Institute පෙන්වා දෙන්නේ, රජය විසින් වෙළඳපොළට ඕනෑවට වඩා ගෑස් අතිරික්තයක් එකතු කිරීමෙන් ගෑස් මිල ගණන් අධික ලෙස පහත වැටී, අලුතින් ගෑස් ගවේෂණය කිරීමට සමාගම් දක්වන උනන්දුව අඩුවිය හැකි බවයි.
ඕස්ට්‍රේලියානු රජය දේශීය ගෑස් සැපයුම වැඩි කිරීමට පියවර ගැනීමත් සමඟ, ඉදිරි වසර කිහිපය තුළ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ (Sydney, Melbourne, Brisbane) ගෘහස්ථ සහ ව්‍යාපාරික Electricity & Gas Bills යම් තාක් දුරකට ස්ථාවර වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.