මෙල්බර්න් නගරයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනයක් සිදු කරන Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියේ උමං මාර්ග කැපීමේ (Tunnelling) කටයුතු Burwood සහ Glen Waverley අතර නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
වික්ටෝරියානු රජය පවසන්නේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නියමිත වේලාවට සහ වෙන් කළ අයවැයට සපේක්ෂව සාර්ථකව ඉදිරියට යන අතර, 2035 වන විට ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රධාන වාසි
මෙල්බර්න් හි ප්‍රධාන Suburbs එකිනෙකට යා කරමින් අලුත්ම Orbital Rail Line එකක් නිර්මාණය වෙනවා. පාරවල්වල පවතින දැඩි වාහන තදබදයට හොඳම විසඳුමක් ලැබෙනවා. Monash සහ Deakin යන ප්‍රධාන විශ්වවිද්‍යාල ද්විත්වය වෙත ප්‍රථම වතාවට සෘජු දුම්රිය සබඳතා හිමිවීම විශේෂත්වයක්.
‘Alice’ සහ ‘Hacia’ – පස් යටින් යන යෝධ TBM යන්ත්‍ර
සීමිත ඉඩකඩක් සහිත පරිසරයක මෙම සංකීර්ණ ඉංජිනේරු කාර්යය සිදු කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වතාවට ‘Umbilical Method’ නම් අලුත්ම තාක්ෂණය භාවිතා කරනවා. මෙහිදී යන්ත්‍රයේ ඉදිරිපස කොටස උමඟ කැපීම ආරම්භ කරන අතර, පසුපස කොටස ක්‍රමයෙන් පිටතදී එකලස් කරනවා.
TBM ‘Alice’: ප්‍රකට සංගීතඥ Alice Ivy හට ගෞරවයක් ලෙස නම් කරන ලද පළමු Tunnel Boring Machine (TBM) එක Burwood සිට Glen Waverley දක්වා පස් කැපීම ආරම්භ කර තිබෙනවා..
TBM ‘Hacia’: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වන Hacia Atherton හට ගෞරවයක් ලෙස නම් කළ දෙවන යන්ත්‍රය ද දැනටමත් භූගතව පවතින අතර, ඉදිරි සති කිහිපය තුළ දෙවන උමඟ කැපීම ආරම්භ කරනවා.
මේ වසර අගදී Clarinda සිට තෙවන TBM යන්ත්‍රය ද, ලබන වසරේදී Burwood සිට Box Hill දක්වා සහ Heatherton සිට Cheltenham දක්වා තවත් යන්ත්‍ර ද ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඉදිරි වසර කිහිපය තුළ Burwood සහ Glen Waverley අවට පාරවල්වල Traffic එකේ ඉන්න විට, ඔබට යටින් මෙල්බර්න් වල අනාගත දුම්රිය මාර්ගය හැදෙන බව මතක තබාගන්න! 2035 වන විට මෙම ප්‍රදේශවල Property values ද සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්.