නව රැකියා 1000 ගණනක් සමඟින් Queensland වල ඉදිවෙන Claude Data Centre එක

ලෝකප්‍රකට AI තාක්ෂණික දැවැන්තයෙකු වන Anthropic සමාගම, ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 32 ක වටිනාකමකින් යුත් දැවැන්ත Data Centre එකක් සඳහා තම ප්‍රථම ගිවිසුම අත්සන් කර තිබෙනවා. Queensland වල Western Downs ප්‍රදේශයේ ඉදිවීමට නියමිත මෙම ව්‍යාපෘතිය, මෙරට ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම ඩිජිටල් පාරාදීසය බවට මෙම Western Downs Digital Park එක  පත්වීමට නියමිතයි.

Singapore හි Zerra DC සමාගම විසින් Dalby ආසන්නයේ හෙක්ටයාර 725 ක භූමි භාගයක මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, මෙමඟින් ප්‍රදේශවාසීන්ට රැකියා දහස් ගණනක් නිර්මාණය වන බව කියනවා.

කුමක් සඳහාද මේ දැවැන්ත Data Centre එක?

Anthropic සමාගමේ ප්‍රකට AI මාදිලිය වන Claude හි පරිශීලක ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ Inference කටයුතු සක්‍රීය කිරීමට මෙය භාවිතා කිරීමට නියමිතයි. 

මෙහි විදුලි අවශ්‍යතාවය ඕස්ට්‍රේලියානු සාමාන්‍ය නිවාස ලක්ෂ 15 ක විදුලි පරිභෝජනයට සමාන වෙනවා.

මේ සඳහා යන පිරිවැය 2032 Brisbane ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ යටිතල පහසුකම් සඳහා වන අයවැය මෙන් පස්ගුණයකටත් වඩා වැඩියි.

සියලු අනුමැතීන් ලැබුණහොත් 2027 වන විට මෙහි වැඩකටයුතු ආරම්භ කිරීමට Anthropic සමාගම බලාපොරොත්තු වෙනවා.

Queensland Premier, David Crisafulli සඳහන් කරන්නේ, මෙය තමන් ඇමෙරිකාවේ කළ සංචාරයේ ප්‍රථිඵලයක් බවයි.

 

විදුලි බිල අඩුවෙයිද?

data centres මඟින් local grid එකට අලුතින් energy එක එකතු කරන නිසා, සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල අඩුවන බව Premier කියනවා.

ෆෙඩරල් රජය පුනර්ජනනීය බලශක්තිය පමණක් භාවිතා කිරීමට යෝජනා කළත්, Queensland රජය ගල් අඟුරු සහ ගෑස් ද භාවිතා කිරීමට අවසර ලබාදී තිබෙනවා.

මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වීමේදී ජලය ඉතා අවමයෙන් භාවිතා වන අතර, එය සාමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලකට සමාන වන බවයි පවසන්නේ.

 

ප්‍රදේශවාසීන්ගේ සහ ගොවීන්ගේ කනස්සල්ල

මේ දැවැන්ත ව්‍යාපෘතිය ගැන ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන තියෙනවා.

ගෑස් මඟින් විදුලිය උත්පාදනය කිරීම නිසා ප්‍රදේශයේ භූගත ජල මූලාශ්‍රවලට බලපෑම් ඇතිවිය හැකි බව ගොවි සංවිධාන පවසනවා.

Western Downs ප්‍රාදේශීය සභාව මඟින් මෙම ව්‍යාපෘතියට තවමත් අවසාන අනුමැතිය ලබාදී නොමැති අතර, Foreign Investment Review Board එකේ අනුමැතියද මෙයට අවශ්‍යයි.

AI තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකය පුරාම Data Centres වලට තියෙන ඉල්ලුම සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඕස්ට්‍රේලියාව කියන්නේ දැන් AI Infrastructure සඳහා ආයෝජකයින්ගේ ප්‍රධානම ඉලක්කයක්!

Image credit: www.abc.net.au

Don't forget to share this post!

Recent Posts