Home Affairs Minister Tony Burke විසින් මෙරට (Immigration rules වල දැවැන්ත වෙනස්කම් රැසක් නිවේදනය කර තිබෙනවා. රට තුළට පැමිණෙන Net Overseas Migration (NOM) සංඛ්‍යාව මෙවර මුල්‍ය වර්ෂයේදී 245,000 දක්වාත්, 2027-28 වන විට 225,000 දක්වාත් අඩු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා.
අද අපි කතා කරන්නේ මෙම අලුත් නීති රීති මඟින් ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න අයට සහ දැනට සිටින අයට බලපාන ප්‍රධාන කරුණු මොනවාද කියන එක ගැනයි..
- නීත්‍යානුකූල වීසා නොමැති අය පිටුවහල් කිරීමට තද නීති
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් සොයා ගැනීම සහ ඔවුන්ව ආපසු යැවීම සඳහා නව පියවර රැසක් ගෙන තිබෙනවා.
Melbourne හි පිහිටි පැරණි නිරෝධායන මධ්‍යස්ථානයක් රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
නීති විරෝධී ලෙස සිටින අය නිරීක්ෂණය කිරීමට සහ සෙවීමට අලුතින් compliance officers ලා 100 දෙනෙකු යෙදවීමට කටයුතු කරනවා.
- Student Visa සඳහා නව සීමාකිරීම්
ජාත්‍යන්තර සිසුන්ට වීසා කාලය අවසන් වූ පසු නොකඩවා රට තුළ රැඳී සිටීමට ඇති ඉඩකඩ සීමා කර තිබෙනවා.
ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් (Dependents / Family members) තමන් සමඟ ඕස්ට්‍රේලියාවට කැඳවාගෙන ඒම සඳහා ඇති අවස්ථාවන් දැඩි ලෙස සීමා කර තිබෙනවා. බොහෝ සිසුන්ට දැන් පැමිණීමට සිදු වන්නේ තනිවමයි.
Visitor Visa වලින් Onshore අයදුම් කිරීම සීමා කෙරෙනවා. Visitor වීසා මත පැමිණ, රට ඇතුළත සිට වෙනත් වීසා සඳහා අයදුම් කර Bridging Visa මත දිගටම රැඳී සිටීමේ ක්‍රමවේදය නතර කිරීම සඳහා සියලුම Visitor වීසා සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
- ඉහළ ඉල්ලුමක් ඇති රැකියාවලට ප්‍රමුඛතාවය
ඕස්ට්‍රේලියාවට අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා වීසා නිකුත් කිරීම වේගවත් කිරීමට නීති සංශෝධනය කර තිබෙනවා.
ප්‍රමුඛතාව හිමිවන ක්ෂේත්‍ර වන්නේ, healthcare, construction, education and law enforcement, defence, resources, agriculture, aquaculture, සහ fishing යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය හිමි වෙනවා.
- Working Holidaymakers සහ Backpackers සඳහා අලුත් නීති
දෙවන සහ තෙවන වසර සඳහා Working Holidaymaker වීසා ලබාගැනීමේදී Regional work කොන්දේසිය සහිතව Ballot system ක්‍රමයක් හඳුන්වා දෙනවා. මෙම වීසා සඳහා Processing කාලය මාස 3 ක් දක්වා ස්ථාවර කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය අතර ඇති නිදහස් වෙළඳ ගිවිසුම නිසා UK ජාතිකයින්ට මෙම Regional work සඳහා වන කොන්දේසි අදාළ වෙන්නේ නැහැ.
- හොර Migration Agents ලාට සහ Character Test එකට තද නීති
වීසා වංචාවලට සහ නීති විරෝධී ලෙස වීසා හදාදීමට උදව් කරන හොර Migration Agents ලා සඳහා දැඩි දඬුවම් පනවනවා.
ඕස්ට්‍රේලියාවේ වීසා ලබාගැනීමේදී බලපාන Character Test එක, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ වෛරී ප්‍රකාශ පිටුදැකීමේ රජයේ ප්‍රතිපත්තිය තවත් දැඩි කර තිබෙනවා.
ඔබ Visitor Visa එකකින් ඕස්ට්‍රේලියාවට ඇවිත් Onshore වෙනත් වීසා එකකට මාරු වෙන්න ප්ලෑන් කරනවා නම්, අලුත් “No Further Stay” කොන්දේසිය නිසා ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා වීසා එකට අයදුම් කිරීමට කලින් නිවැරදි උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත්!
Image credit: www.theguardian.com