Australia වල unemployment rate එක පසුගිය අවුරුදු පහක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයට පත්වෙලා තියෙනවා. Economists ලා පවා පුදුමයට පත් කරමින් October මාසයේදී මේ unemployment අගය 4.7% සිට 4.9% දක්වා එකවරම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. බොහෝ ආර්ථික විශේෂඥයන් (economists) බලාපොරොත්තු වුණේ මේ මාසයේදීත් unemployment rate එක steady මට්ටමක පවතිනු ඇති බවයි.
Australian Bureau of Statistics (ABS) විසින් නිකුත් කළ අලුත්ම labour force figures වලට අනුව October මාසය ඇතුළත 44,000 ක පිරිසකට employment අහිමි වෙලා තියෙනවා. ABS හි labour statistics ප්‍රධානී Sean Crick පෙන්වා දෙන ආකාරයට සාමාන්‍යයෙන් post-COVID එකේ October මාසයේදී දකිනවාට වඩා වැඩි පිරිසක් මෙවර unemployed තත්ත්වයේ දිගටම රැඳී සිටින බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම employed පිරිසේ කැපී පෙනෙන වර්ධනයක් (underlying growth) මේ වනවිට දකින්න අපහසුයි.

මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ Australia වේ ප්‍රධාන පෙළේ companies කිහිපයකම මෑතකදී සිදුවුණු massive layoffs (රැකියා කප්පාදු) මාලාවකට පසුව වීමත් විශේෂත්වයක්. මේ layoffs අතරට ප්‍රසිද්ධ department store එකක් වන David Jones හි රැකියා 1,500 ක්, NAB බැංකුවේ රැකියා 2,500 ක්, Qantas ගුවන් සමාගමේ රැකියා 850 ක් සහ Rio Tinto සමාගමේ රැකියා 900 ක් පමණ අහිමි වීම් ඇතුළත් වෙනවා.

AMP ආයතනයේ chief economist වන Shane Oliver පවසන ආකාරයට මේ redundancies ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. දැනට තියෙන average jobs growth එක එනම් මාසෙකට රැකියා 15,000 ක් පමණ අලුතින් නිර්මාණය වීම එක්ක බලද්දී මේ layoff numbers සාපේක්ෂව අඩු අගයක් ගත්තත් මින් පැහැදිලි වන ප්‍රධානතම කාරණය වෙන්නේ Australian labour market එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.